අපගේ දීර්ඝ කාලීන දේවස්ථානය සමග තිබූ සම්බන්ධය කැඩීමෙන් පසුව මාගේ සැමියා සහ මම වසර තුනකට පසු නැවත එම දේවස්ථානය සමග එක්සත් වූයෙමු. නමුත් වසර තුනකට පසුව ජනතාව අපට කෙසේ සළකාවිද? ඔවුන් අපව නැවත පිළිගනීවිද? ප්‍රේම කරයිද? වෙන්ව යාම ගැන අපට සමාව දෙයිද? ප්‍රසන්න ඉරුදින උදෑසනක අපට අපගේ පිළිතුර ලැබුණි. අපි දේවස්ථානයේ විශාල දොරවල් තුළින් ගමන් කරද්දී අපට දිගටම අපගේ නම් ඇසුණි. “පැට්, ඩෑන්, ඔබව දැකීම අපට මහත් සතුටක්”. ළමා කතුවරියක් වන කේට් ඩිකැමිලෝ ඇගේ ජනප්‍රිය ග්‍රන්ථයක ලියා ඇති පරිදි “පාඨකය, මෙම දුක්බර ලෝකයේ ඔබට ප්‍රේම කරන කෙනෙක් ඔබගේ නම කියා කථා කරනවා ඇසීම තරම් මිහිරි කිසිවක් නැත”.

ඉශ්‍රායෙල් ජනතාවටද එම සහතිකය සත්‍යයකි. අපි කලක් වෙනත් දේවස්ථානයක් තෝරා ගෙන තිබුණි. නමුත් මුළු ඉශ්‍රායෙල් දේශයම දෙවියන්වහන්සේට පිටුපා තිබුණි. එසේ වූවත් උන්වහන්සේ ඔවුන්ව නැවත පිළිගත් සේක. “භය නොවන්න. මක්නිසාද මම නුඹ මුදා ගතිමි. නුඹේ නම කියා හඬ ගැසීමි. නුඹ මාගේය” (යෙසායා 43:11) යනුවෙන් ඔවුන්ට සහතික වීමට උන්වහන්සේ අනාගතවක්තෘ යෙසායාව යැවූ සේක.

මේ ලෝකයේ අපි නොදුටුවාවූ, ඇගයීමට ලක් නුවාවූ සහ නොදන්නාවූ අය ලෙසට අපට අපව හැඟුණත් දෙවියන්වහන්සේ අප එකිනෙකාව නමින් දන්නා බවට සහතික වන්න. “ඔබ මා ඉදිරියේ අනර්ඝවූ ගරු කටයුතු වූ අයෙක් බව” (4 පදය) උන්වහන්සේ පොරොන්දු වන සේක. “නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත” (2 පදය) කියා උන්වහන්සේ පොරොන්දු වන සේක. මෙම පොරොන්දුව ඉශ්‍රායලයට පමණක් නොවේ. යේසුස් වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කළ සේක. උන්වහන්සේ අපගේ නම් දන්නා සේක. මක්නිසාද? ප්‍රේමයෙන් අපි උන්වහන්සේගේ වන හෙයිනි.