මගේ මව ඇගේ ජීවිත කාලය පුරාම බොහෝ දේ සඳහා කැපවී සිටියත් නිරන්තරයෙන් පැවතුණේ කුඩා දරුවන්ට යේසුස්වහන්සේව හඳුන්වා දීම දැකීමට ඇති ආශාවයි. මගේ මව විසින් ප්‍රසිද්ධියේ එකඟ නොවූ මා දුටු අවස්ථා කිහිපය අතරින් සෑම දෙයක්ම වඩාත් බරපතල වියදම් යැයි හැඟෙන දේට පක්‍ෂව ළමා සේවය සඳහා වූ අයවැය කප්පාදු කිරීමට යමෙක් උත්සාහ කළ අවස්ථාවන් වලදීය. “ඔබේ සහෝදරයා ලැබෙන්න මා ගැබිණියක්ව සිටියදී එක් ගිම්හාන කාලයක මම නිවාඩු ගත්තෙමි. එපමණයි” ඇය මට කීවාය. මම කුඩා පවුල් සමීක්‍ෂණයක් කළ අතර මගේ අම්මා අවුරුදු පනස් පහක් සභාවේ දරුවන් සමග වැඩ කර ඇති බව වටහා ගත්තෙමි.

පොදුවේ නම් කර ඇති සුවිශේෂවල සිත් ඇදගන්නා සුලු කථා වලින් එකක් මාර්ක් 10 වාර්තා කරයි. මෙය හඳුන්වහන්නේ “කුඩා දරුවන් හා යේසුස්වහන්සේ” යනුවෙනි. ජනතාව දරුවන්ව යේසුස්වහන්සේ වෙතට ගෙන ආවේ උන්වහන්සේ ඔවුන්ව ස්පර්ශ කර ආශිර්වාද කරන පිණිසය. නමුත් මෙය සිදු නොවන පිණිස ගෝලයින් උත්සාහ කළහ. මාර්ක් සටහන් කරන්නේ යේසුස්වහන්සේ “කෝපවූ” බවත් උන්වහන්සේගේම ගෝලයන්ට තරවටු කළ බවත්ය: “ළදරුවන් මා ළඟට එන්න හරින්න. ඔවුන්ව වලක්වන්ට එපා” (14 පදය).

චාර්ල්ස් ඩිකන්ස් මෙසේ ලිවීය : “මම මේ කුඩා දරුවන්ට ආදරෙයි. දෙවියන්වහන්සේ කෙරෙන් ඒතරම්ම නැවුම් වූ ඔවුන් අපට ආදරය කරන විට එය සුලු දෙයක් නොවේ”. යේසුස්වහන්සේගේ නැවුම් ප්‍රේමයෙන් කුඩා දරුවන්ව නොවැළැක්වීමට වැඩිහිටියන් වන අපි හැකි සෑම දෙයක්ම කරන විට එය සුලු දෙයක් නොවේ.