රෙබෙකා සහ රසල්ගේ වෛද්‍යවරු ඔවුන්ට දරුවන් ලැබිය නොහැකි බව පැවසූහ. නමුත් දෙවියන් වහන්සේට වෙනත් අදහසක් තිබුණි. වසර දහයකට පසු රෙබෙකා පිළිසිඳ ගත්තාය. ගැබ් ගැනීම සෞඛ්‍ය සම්පන්න එකක් විය. සංකෝචනය ආරම්භ වූ විට යුවළ කලබලයෙන් රෝහලට ගියහ. එහෙත් ප්‍රසූත කාලය දීර්ඝ හා තීව්‍ර වූ අතර රෙබෙකාගේ සිරුරද දරු ප්‍රසූතිය සඳහා ප්‍රමාණවත් ලෙසින් ප්‍රගතියක් ලබා නොතිබුණි. අවසානයේ වෛද්‍යවරයා තීරණය කළේ හදිසි සැත්කමක් කිරීමට අවශ්‍ය බවයි. බියට පත් රෙබෙකා තම දරුවා සහ ඇය ගැන දුක් වූවාය. නමුත් වෛද්‍යවරයා සංසුන්ව ඇයට සහතික වූයේ “මම මගේ උපරිමය කරන්නෙමි. නමුත් අපි දෙවියන්වහන්සේටත් යාච්ඤා කරන්නේ උන්වහන්සේට ඊටත් වඩා දෙයක් කළ හැකි නිසාය” කියමිනි. රෙබෙකාද ඇය සමග යාච්ඤා කළාය. විනාඩි පහළොවකට පසු නිරෝගී පිරිමි දරුවෙක් වූ බෲස් උපත ලැබීය.

දෙවියන්වහන්සේ කෙරෙහි ඇයගේ යැපීම සහ උන්වහන්සේගේ බලය ගැන එම වෛද්‍යවරිය තේරුම් ගෙන සිටියාය. ශල්‍යකර්මයක් කිරීමට ඇයට පුහුණුවක් හා දක්‍ෂතාවයක් තිබුණද ඇයට තවමත් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව, ශක්තිය සහ ඇගේ දෑත් මෙහෙයවීමට උන්වහන්සේගේ උපකාරයද අවශ්‍ය බව ඇය තේරුම් ගෙන සිටියාය (ගීතාවලිය 121:1-2).

ඉහළ නිපුණතා ඇති අය ගැන හෝ දෙවියන්වහන්සේ අවශ්‍ය බව හඳුනා ගන්නා ඕනෑම අයෙකු ගැන ඇසිම ධෛර්්‍යයමත් කරයි. මන්ද අවංකවම අප සියල්ලන්ටම දෙවියන්වහන්සේගේ මග පෙන්වීම අවශ්‍ය හෙයිනි. උන්වහන්සේ දෙවියන්වහන්සේය. අප නොවේ. “අප ඉල්ලන නොහොත් සිතන හැමදේට වඩා ඉතා අධික ලෙස කරන්ට බලය ඇත්තේ” උන්වහන්සේට පමණී (එපීස 3:20). උන්වහන්සේගෙන් ඉගෙන ගැනීමටත් යාච්ඤාවෙන් උන්වහන්සේව විශ්වාස කිරීමටත් අපට යටහත් හදවතක් තබා ගනිමු. මක්නිසා අපට කළ නොහැකි “දේ උන්වහන්සේට කළ හැකි” හෙයිනි.