මාගේ මිතුරිය වන මාජ්ට බයිබල් පාඩම් රැස්වීමකදී ටැමීව මුණ ගැසුණු විට ඔවුන් අතරෙ සමානකම් ඇත්තේ ස්වල්පයක් බව පෙනෙන්ට තිබුණි. නමුත් මාජ් ඇය හා මිතුරු වූ අතර ඇයගේ නව මිතුරියගෙන් වටිනා පාඩමක් ඉගෙන ගත්තාය. ටැමී කිසිම දිනෙක බයිබල් පාඩමකට සහභාගී වී නොතිබුණු අතර අනෙක් කාන්තාවන් කථා කළ දෙයක් තේරුම් ගැනීමට ඇයට අපහසු විය. එනම් දෙවියන්වහන්සේ ඔවුන් සමග සංනිවේදනය කරන බව. එය ඇය කිසි දිනෙක අත්විඳ තිබූ දෙයක් නොවේ.

ඇය දෙවියන්වහන්සේගෙන් ඇසීමට ආශා කළ නිසා ඇය ක්‍රියා කළාය. පසුව ඇය මාජ්ට කියා තිබුණේ “මගේ බයිබලය මම ඉගෙන ගන්නා සෑම විටම මම පරණ ලී පුටුවක් පසෙකින් තබමි. මම යේසුස් වහන්සේට එහි හිඳ ගන්නා ලෙස ඉල්ලමි” යනුවෙනි. ඉන්පසු ටැමී පැහැදිළි කළේ යම් පදයක් තමාට කැපී පෙනෙන සැම අවස්ථාවකදීම ඇය එම පදය හුණු කැබැල්ලකින් පුටුවේ ලියා තබන බවයි. එය ඇගේ විශේෂ “යේසුස් වහන්සේ ආසනය” බවට පත්වූ අතර බයිබලයෙන් ලැබුණු දෙවියන්වහන්සේගේ පණිවුඩවලින් ඇය එම පුටුව පුරවා ඇත.

මාජ් පවසන්නේ “යේසුස්වහන්සේගේ ආසනය” ටැමීගේ ජීවිතය වෙනස් කර ඇත. ඇය අධ්‍යාත්මිකව වැඩනේනේ දේව වචනය ඇයට ඒ තරම්ම සමීප වූ නිසාය” යනුවෙනි.

යුදෙව් ඇදහිලිවතුන් සමග කථා කරමින් යේසුස්වහන්සේ කියන්නේ “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම් සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය. නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය” (යොහන් 8:31-32) යනුවෙනි. උන්වහන්සේගේ වචනය පුටුවක ලිවීමෙන් හෝ ඒවා කටපාඩම් කිරීමෙන් හෝ ඒවා ක්‍රියාවට නැංවීමට උත්සාහ කිරීමෙන් හෝ උන්වහන්සේගේ ඉගැන්වීම් තදින් අල්ලා ගනිමු. ක්‍රිස්තුස්වහන්සේගේ පණිවුඩවල සත්‍යතාවය හා ප්‍රඥාව අපට උන්වහන්සේ තුළ වර්ධනය වීමට සහ නිදහස ලැබීමට උපකාර කරයි.