ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝට එරෙහිව එක්සත් ජනපදය තරඟ කළ 2017 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයකදී ලෝකය පුදුමයට පත් කරමින් සොකා වොරියර්ස් කණ්ඩායම තමන්ට වඩා පනස් හයක් ඉහළින් ශ්‍රේණිගතව සිටි එක්සත් ජනපද පිරිමි ජාතික කණ්ඩායම පරාජය කළේය. ගෝල 2-1 ක් ලෙස ලබා ගනිමින් 2018 ලෝක කුසලානයෙන් එක්සත් ජනපද කණ්ඩායම ඉවත් කළේය.

ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝගේ ජයග්‍රහණය එතරම්ම අනපේක්‍ෂිත වූයේ එක්සත් ජනපදයේ ජනගහණය සහ සම්පත් කුඩා කැරිබියානු ජාතියේ ජයග්‍රහණයන් හීන කළ බැවිනි. එහෙත් සොකා වොරියර්ස් පරජය කරන්න එම වාසි ප්‍රමාණවත් නොවීය.

ගිඩියොන් සහ මිදියන්වරුන්ගේ කථාවේ සමාන සටන් කලාවක් දක්නට ලැබේ. කුඩා සටන් කරුවන් පිරිසක් සහ විශාල හමුදාවක් අතර. ඉශ්‍රායෙල් හමුදාවට ඇත්ත වශයෙන්ම සටන්කරුවන් තිස් දහසකට වඩා සිටියද ස්වාමින්වහන්සේ හමුදාව තුන්සියයක් දක්වා අඩු කළේය. ඒ, ඔවුන්ගේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔවුන්ගේ භාණ්ඩාගාරයේ තිබෙන මුදල් ප්‍රමාණය හෝ ඔවුන්ගේ නායකයන්ගේ දක්‍ෂතාවය මත හෝ නොව නමුත් ඔවුන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ දෙවියන්වහන්සේ මත බව ජාතිය ඉගෙන ගන්නා පිණිසය (විනිශ්චයකාරයන්ගේ පොත 7:1-8).

අපට පෙනෙන හෝ මැණිය හැකි දේවල් කෙරෙහි අපගේ විශ්වාසය තැබීමට අපි පෙළඹෙන්න හැකි වූවත් එය ඇදහිල්ලේ මාර්ගය නොවේ. බොහෝ විට දුෂ්කර වූවත් අප දෙවියන්වහන්සේ මත යැපීමට කැමති වන විටද “ස්වාමින්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ සහ බලවත්කමෙහිද” (එපීස 6:10) අපි බලවත් වන විටද අපි සුදුසු නැතැයි කියා හැඟුනත් අපට ධෛර්්‍යයෙන් සහ විශ්වාසයෙන් යුතුව තත්ත්වයන් තුළට යා හැකිය. උන්වහන්සේගේ අභිමුඛයට සහ බලයට අප තුළින් සහ අප මගින් පුදුමාකාර දේ කළ හැකිය.