ඕස්ට්‍රේලියාවේ පර්ත් හී “ෂාලෝම් හවුස්” (සාමයේ නිවස) නම් ස්ථානයක් තිබේ. ඇබ්බැහිවීම් සමග පොර බදිමින් සිටින පිරිමින් උපකාරය සඳහා එහි යයි. ෂාලෝම් නිවසේදී ඔවුන්ව දෙවියන්වහන්සේගේ ෂාලෝම් වෙතට (නොහොත් හෙබ්‍රෙව් භාෂාවෙන් සමාදානය) යොමු කරන සැළකිලිමත් කාර්ය මණ්ඩලයක් හමු වේ. මත්ද්‍රව්‍ය, මත්පැන්, සූදුව සහ වෙනත් විනාශකාරී හැසිරීම්වලට ඇබ්බැහි වීමේ බරට යටවී ඇති ජීවිත දෙවියන් වහන්සේගේ ප්‍රේමය මගින් පරිවර්තනය වේ.

මෙම පරිවර්තනයට කේන්ද්‍රීය වන්නේ කුරුසියේ පණිවුඩයයි. ෂාලෝම් නිවසේ වේදනාවට පත්ව ඇති ජනයා යේසුස්වහන්සේගේ උත්ථානය තුළින් ඔවුන්ගේ ජීවිතද උත්ථාන කර ගත හැකි බව සොයා ගනිති. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට සැබෑ සමාදානයද සුවයද ලැබේ

සාමය යනු හුදෙක් ගැටුම් නොමැති වීම නොවේ. එය දෙවියන්වහන්සේගේ අභිමුඛයේ සම්පූර්ණත්වයයි. අප සැමටම මෙම ෂාලෝම් අවශ්‍ය වන අතර එය සොයා ගත හැක්කේ ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ආත්මය තුළින් පමණී. පාවුල් තුමා ගලාතිවරුන්ව ආත්මයේ වෙනස්වීමේ කාර්්‍යයට යොමු කළේ මේ නිසාය. ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ ක්‍රියාත්මක වන විට උන්වහන්සේගේ ඵල වන ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම සහ තවත් බොහෝ ඵල උන්වහන්සේ උත්පාදනය කරන සේක (ගලාති 5:22-23). සැබෑ වූ නොනැසී පවත්නා වූ සමාදානයේ වැදගත් අංගය උන්වහන්සේ අපට ලබා දෙන සේක.

දෙවියන්වහන්සේගේ ෂාලොම් තුළ ජීවත් වීමට ආත්මයාණන් වහන්සේ අපට හැකියාව ලබා දී ඇති හෙයින් අපගේ අවශ්‍යතා සහ අපගේ සැළකිල්ලට භාජනය වන දේවල් අපගේ ස්වර්ගීක පියාණන් වෙතට ගෙන එන්න අපි ඉගෙන ගන්නෙමු. මෙය “එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන්වහන්සේගේ සමාදානය සහ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ (අපගේ) සිත්ද (අපගේ) සිතිවිලිද ආරක්‍ෂා කරනවා ඇත” (පිලිප්පි 4:7).

ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය තුළ අපගේ හදවත් සැබෑ ෂාලෝම් අත් විඳියි.