ගංගාව ඒ තුළින් ගලා යන්නේය. මෙය බටහිර මොන්ටානාහි තම පියා වන ප්‍රෙස්බිටේරියන් පූජකයෙක් සමග හැදී වැඩුණු පිරිමි ළමුන් දෙදෙනෙක් ගැන කියවෙන නොර්මන් මැක්ලීන්ගේ නව කථාවකි. ඉරිදා උදෑසන නෝර්මන් සහ ඔහුගේ සහෝදරයා වූ පෝල් දේවස්ථානයට ගොස් ඔවුන්ගේ පියා දේශනා කරනවා අසා සිටිති. ඉරිදා සවස තවත් දේව මෙහෙයක් පැවැත්වුණු අතර ඔවුන්ගේ පියා නැවතත් දේශනා කරන්නේය. නමුත් එම දේව මෙහෙයන් දෙක අතරේ තමන්ගේ පියා “දේව මෙහෙයන් දෙක අතරේ නිදහසේ කාලය ගත කළ” අතර ඔවුන්ට කඳුකරයේ හා ඇළ දොළවල ඇවිදීමට නිදහස තිබුණි. මෙය ඔවුන්ගේ පියා හිතාමතාම කළේ “තම ආත්මය යථා තත්ත්වයට පත් කර සවස් වරුවේ දේශනය සඳහා ආත්මිකව සුදානම් වීම” සඳහාය.

සුවිශේෂය පුරාම කඳුකරයේ සහ නගරවල විශාල පිරිසකට යේසුස්වහන්සේ උගන්වනවා දැකිය හැකි වන අතර උන්වහන්සේ වෙතට ගෙන එන ලද රෝගීන් සුවකරනවාත් අපි දකින්නෙමු. මේ සියලු ක්‍රියාවන් මනුෂ්‍ය පුත්‍රයාගේ මෙහෙවරට එනම් “නැතිවූවන් සොයන්නටද ගළවා ගන්නටද ආවේය” (ලූක් 19:10) යන්න සමග සමපාත විය. නමුත් බොහෝ විට “උන්වහන්සේ හුදකලා ස්ථානවලට අහක්ව ගියේය” (ලූක් 5:16) යන්නද සටහන් වන්නේය. උන්වහන්සේ එහිදී පියාණන් වහන්සේ සමග අදහස් හුවමාරු කර ගනිමින් කාලය ගත කළේ නැවත වරක් උන්වහන්සේ මෙහෙවරට පිවිසීම සඳහාය.

සේවය කිරීමට අප විශ්වාසවන්තව ගන්නා උත්සාහයේදී යේසුස්වහන්සේ බොහෝ විට අහක්ව ගියේය යන්න සිහියේ තබා ගැනීම යහපති. මෙම ක්‍රියාව යේසුස්වහන්සේට ඒ තරම් වැදගත් වූවා නම් අපට ඊටත් වඩා කෙතරම් වැදගත් වනු ඇත්ද? උතුරා යන තරමට නැවතත් අපව පිරවිය හැකි පියාණන් වහන්සේ සමග නිතිපතා අපි කාලය ගත කරමු.