තුවාල ලැබූ අශ්වයාට ඩ්‍රමර් බෝයි ලෙස නම් කරන ලදී. මෙම අශ්වයා, සුප්‍රසිද්ධ සැහැල්ලු බළකායේ සතුරාට විරුද්ධව කළ මෙහෙයුමේ බි්‍රතාන්‍ය සොල්දාදුවන්ව ඉදිරියට ගෙන ගිය අශ්වයන් 112 ස් දෙනාගෙන් එකෙක් විය. සත්වයා එතරම් ධෛර්්‍යයක් හා ශක්තියක් පෙන්නුම් කළ අතර ඌව පවරන ලද අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් ද සාලිස් තීරණය කළේ ඔහුගේ නිර්භීත සොල්දාදුවන් මෙන් මෙම අශ්වයාත් පදක්කමක් ලබා ගැනීමට සුදුසු බවයි. සතුරු හමුදාවන්ට එරෙහිව ඔවුන්ගේ යුද්ධ ක්‍රියාමාර්ගය අසාර්ථක වුවද මෙය සිදු කරන ලදී. අශ්වාරෝහකයන්ගේ ධෛර්්‍යය ඔවුන්ගේ අශ්වයන්ගේ ධෛර්්‍යයට අනුරූප වන අතර ගැටුම බි්‍රතාන්‍යයේ ශේෂ්ඨතම යුද්ධයක් ලෙසට ස්ථාපිත කර ඇති අතර අදටත් එය සමරනු ලැබේ.

කෙසේ වෙතත් මෙම ගැටුම පුරාණ බයිබල් හිතෝපදේශයක ප්‍රඥාව පෙන්වයි. “අශ්වයා යුද්ධ දවසට සෑදී සිටියි. එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගෙන්ය” (හිතෝපදේශ 21:31). දේව වචනය මෙම මූල ධර්මය පැහැදිළිව තහවුරු කරයි. “මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේ නුඹලාගේ සතුරුන්ට විරුද්ධව නුඹලා වෙනුවට සටන් කොට නුඹලා ගළවන පිණිස නුඹලා සමග යන සේක” (ද්වීථ’ය කථාව 20:4). අපෝස්තලු පාවුල් ලියන්නේ මරණයේ කටුවට පවා එරෙහිව “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණ කොට ගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුති වේවා” කියාය (1 කොරින්ති 15:57).

මෙය දැන ගෙන අපගේ කර්තව්‍යය විය යුත්තේ තවමත් ජීවිතයේ දැඩි පරීක්‍ෂණ සඳහා සුදානම් වීමයි. සේවයක් ගොඩ නගා ගැනීම සඳහා අපි අධ්‍යයනය කිරීම, වැඩ කිරීම සහ යාච්ඤා කිරීම කරන්නෙමු. කන්දක් තරණය කිරීම සඳහා අපි අපගේ මෙවලම් සුරක්‍ෂිත කර ගෙන අපගේ ශක්තිය ගොඩ නගා ගන්නෙමු. එවිට සුදානම් වීම තුළින් අපට ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිමත් ප්‍රේමය තුළින් අතීශයින් ජයග්‍රාහකයින් වන්නට පුළුවන.