ජනප්‍රිය නිවාස අලුත්වැඩියා කිරීම ගැන පෙන්වන රූපවාහිනී වැඩසටහනක් අතරතුර බොහෝ විට සත්කාරකයා “මෙය සිතා බලන්න” කියා කියනවා නරඹන්නන්ට ඇසුණි. පැරණි දේවලටද බිත්ති සහ පොළොවටද අලුතින් තීන්ත ආලේප කළාට පසුව කුමක් විය හැකිදැයි ඇය නරඹන්නන්ට හෙළි කරයි. එක් කථාංගයකදී අලුත් වැඩියා කිරීමකින් පසු නිවාස හිමියා අතීශයින් සතුටට පත් වූ අතර වෙනත් ප්‍රබෝධමත් ප්‍රකාශයන් සමග “එය ලස්සනයි” කියා ඇගේ මුඛයෙන් තුන් වතාවක් ප්‍රකාශ වුනි.

බයිබලයේ සඳහන් “මෙය සිතන්න” යන විශ්මය ජනක ඡේදවලින් එකක් වන්නේ යෙසායා 65:17-25 දක්වා ඇති ඡේදයන්ය. මොන තරම් විශ්මය ජනක නැවත මැවීමේ දර්ශනයක්ද! අනාගතයේදී අහස සහ පොළොව අලුත්වැඩියා කිරීම පෙනෙන්ට තිබෙන අතර (17 පදය) එය හුදෙක් බාහිර පෙනුමක් නොවන්නේය. එය ගැඹුරු සහ සැබෑ වන අතර ජීවිතයේ වෙනස් වීමට සහ ජීවිතයේ පැවැත්මට ආරක්‍ෂාවත් ගෙන දෙන්නේය.
“ඔව්හු ගෙවල් ගොඩ නගා ගෙන එහි වාසය කරන්නහුය. මිදි වතු වවා එහි ඵල කන්නෝය” (21 පදය). ප්‍රචණ්ඩත්වය අතීතයට අයත් දෙයක් වනු ඇත. “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නැත” (25 පදය).

යෙසායා 65 හි දැක්වෙන වෙනස්වීම් අනාගතයේදී සිදු වෙන්නට යන අතර විශ්වය ප්‍රතිසංස්කරණය කිරීමට සැළසුම් කරන දෙවියන්වහන්සේ දැන් ජීවිත වෙනස් කිරීමේ සේවයේ යෙදී සිටින සේක. අපෝස්තලු පාවුල් අපට මෙසේ සහතික කරයි : ”එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න, සියල්ලම අලුත් වී තිබේ” (2 කොරින්ති 5:17). ඔබ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවයෙන් සිටින්නේද? සැකයෙන්, අකීකරුකමෙන් සහ වේදනාවෙන් ඔබේ ජීවිතය බිඳී ගොස් තිබේද? යේසුස්වහන්සේ තුළින් ජීවිත වෙනස් වීම සත්‍යය. අලංකාරය. එය ඉල්ලන සහ විශ්වාස කරන අයට ලබා ගත හැකිය.