වරක් මම දරුවන් නොමැති ජෝඩු සඳහා ආගමික නොවන සමුළුවකදී කථා කළෙමි. වඳ භාවයට ගොදුරු වූ බොහෝ සහභාගී වන්නන් ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු සුන්කර ගෙන සිටියහ. දරුවන් නොමැති මාර්ගයේ ගමන් කළ මමද ඔවුන් දිරිගැන්වීමට උත්සාහ කළෙමි. “දෙමව්පියන් නොවී ඔබට අර්ථවත් අනන්‍යතාවයක් ලබා ගත හැකිය” කියා මම කීවෙමි. “මම විශ්වාස කරන්නේ ඔබ භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද බවයි. ඔබට සොයා ගැනීමට නව අරමුණක් ඇත”.

පසුව කාන්තාවක් කඳුළු පිරි දෑසින් යුතුව මා වෙතට ආවාය. “ඔබට ස්තුතියි” ඇය කීවාය. “දරුවන් නොමැති නිසා කිසි වැදගැම්මකට නැති කෙනෙක් ලෙස මට හැඟී ගොස් තිබුණු නිසා මාව භයානක ලෙසත් පුදුම ලෙසත් සාදා තිබෙන්නේය කියා අසන්න මට අවශ්‍ය වූවා” කියා ඇය කීවාය. ඇය යේසුස්වහන්සේව අදහන්නියක්ද කියා මම ඇගෙන් ඇසුවෙමි. ඇය කියා සිටියේ “මම වසර ගණනාවට පෙර දෙවියන් වහන්සේගෙන් ඉවත්ව ගියෙමි. නමුත් මට නැවත උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් අවශ්‍යයි” යනුවෙනි.

මේ වගේ කාල වලදී මට මතක් වන්නේ ශුභාරංචිය කෙතරම් ගැඹුරුද කියාය. “මව” සහ “පියා” යන සමහර අනන්‍යතා සමහරුන්ට ලබා ගැනීමට අපහසුය. වෘත්තියක යෙදී සිටින අයගේ අනන්‍යතාවය විරැකියාව මත අහමි වී යා හැකිය. නමුත් යේසුස්වහන්සේ තුළින් අපි දෙවියන්වහන්සේගේ “ආදරණීය දරුවන්” බවට පත් වන අතර එය කිසි විටෙකත් සොරා ගත නොහැකි අනන්‍යතාවයකි (එපීස 5:1). එවිට අපට ප්‍රේමයේ මාර්ගයේ ගමන් කළ හැකිය. එය ඕනෑම කාර්්‍ය භාරයක් හෝ රැකියා තත්ත්වයක් හෝ ඉක්මවා යන ජීවන අරමුණකි (2 පදය).

සියලු මනුෂ්‍යයන් “භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලදී” (ගීතාවලිය 139:14). එසේම යේසුස් වහන්සේව අනුගමනය කරන අය දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වේ (යොහන් 1:12-13). වරක් බලාපොරොත්තු සුන්ව සිටි එම කාන්තාව මේ ලෝකයට දිය නොහැකි අනන්‍යතාවයකට සහ අරමුණකට වඩා විශාල දෙයක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිටව ගියාය.