මාර්තා වසර තිහකට වැඩි කාලයක් ප්‍රාථමික පාසැලක ගුරු සහායිකාවක් ලෙස සේවය කළාය. අවශ්‍යතා ඇති සිසුන් සඳහා නව කබා, ස්කාෆ් සහ අත්වැසුම් මිළදී ගැනීමට සෑම වසරකම ඇය මුදල් ඉතිරි කළාය. ලියුකේමියා රෝගයෙන් ඇයට ජීවිතය අහිමි වූ පසු අපි ඇයගේ ජීවිත සේවය ගැන සැමරීමක් පැවැත්වූයෙමු. මල් වෙනුවට ජනතාව විසින් දශක ගණනාවක් ඇය ප්‍රේම කරමින් සේවය කළ සිසුන්ට නවීන ශීත කබා සිය ගණනක් පරිත්‍යාග කළහ. කාරුණික වචන හා කල්පනාකාරී ක්‍රියාවලින් මාර්තා අන් අයව ධෛර්්‍යමත් කළ ආකාරය ගැන බොහෝ අය කථා බෙදා ගත්හ. අනන්තයේ මෙම කොටසේ ඇගේ ජීවිතය අවසන් වූ පසු ඇගේ මතකය වෙනුවෙන් වසර තුනක් ඇයගේ සෙසු ගුරුවරුන් අවශ්‍යතා ඇති සිසුන්ට නව කබා ලබා දුන්හ. ඇයගේ කරුණාවන්ත උරුමය අවශ්‍යතා ඇති අයට නොමසුරුව සේවය කිරීමට තවමත් අන් අයව පොළඹවයි.

ක්‍රියා 9 හි ලූක් තුමා විසින් “බොහෝ යහපත් ක්‍රියාද දාන දීමේද” යෙදී සිටි දොර්කස් නම් කාන්තාව ගැන කථාවක් බෙදා ගනියි (36 පදය). ඇය අසනීප වී මිය ගිය පසු ශෝකයට පත් ප්‍රජාව පේත්‍රැස්ට පැමිණෙන ලෙස ඉල්ලා සිටියහ. දොර්කස් සේවය කරන්න ජීවත් වූ ආකාරය සියලු වැන්දඹුවන් පේත්‍රැස්ට පෙන්වූහ (39 පදය). ආශ්චර්යමත් දයානුකම්පිත ක්‍රියාවකින් පේත්‍රැස් දොර්කස්ව නැවත ජීවනයට ගෙනාවේය. දොර්කස්ගේ නැවත නැගිටීම පිළිබඳ පුවත පැතිර ගිය අතර “බොහෝ දෙනෙක් ස්වාමින්වහන්සේ කෙරෙහි අදහා ගත්තෝය” (42 පදය). නමුත් ඇගේ ප්‍රජාවගේ හදවත ඇද ගත්තේ අන් අයට සේවය කිරීමට ඇය තුළ වූ කැපවීමයි. එසේම එය ප්‍රේමණීය ත්‍යාගශීලිත්වයේ බලය එළිදරව් කළේය.