ජොනී ඉරෙක්සන් ටාඩා පිහිණුම් අනතුරකින් පසුව ආපසු නිවසට පිමිණී විට ඇය අංශභාග රෝගී තත්ත්වයක සිටි අතර ඇගේ ජීවිතය බෙහෙවින් වෙනස් වුනි. දැන් ඇගේ රෝද පුටුවට දොරවල් පටු වැඩි වූ අතර සෝදන බේසම (සින්ක එක) උස වැඩි වුනි. තමාටම ආහාර ගැනීමට ක්‍රමයක් නැවත ඉගෙන ගන්නා තෙක් කෙනෙක්ට ඇයට ආහාර කැවීමට සිදු වුනි. පළමු වරට විශේෂ හැන්දකින් ඇගේ මුවට ආහාර ගෙන යද්දී ඇගේ අත ගැස්සී ඇපල් සෝස් ඇගේ ඇඳුම මත හැලුණු විට ඇයට ලැජ්ජාවක් දැණුනි. “මගේ රහස වූයේ යේසුස්වහන්සේ වෙත රැඳෙන්න ඉගෙන ගෙන ‘අනේ දෙවියන්වහන්ස මේ සඳහා මට උදව් වෙන්න’ කියා කීම බව ඇය පැවසුවාය. අද ඇය හැන්දක් හොඳින් පාවිච්චි කරයි.

ඇගේ තෘප්තිය සිරගතවූ තවත් කෙනෙක් කෙරෙහි බලන්න ඇයට සැළැස්වු බව ජොනී කියන්නීය. ඒ රෝම සිර කඳවරක සිරගතව සිටි අපෝස්තලු පාවුල් සහ ඔහු පිලිප්පිවරුන්ට ලියන ලද ලිපියයි. “සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට” මම ඉගෙන ගත්තෙමි” (පිලිප්පි 4:11) යන පාවුල් ලබා ගත් දේ ලබා ගන්න ජොනී වෙහෙසෙන්නීය. සමාදානයෙන් සිටීමට පාවුල්ට ඉගෙන ගන්න සිදුවූ බව සටහන් කර ගන්න. පාවුල් ස්වභාවයෙන්ම සාමකාමී අයෙක් නොවීය. ඔහු සෑහීමකට පත්වූයේ කෙසේද? ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම තුළිනි. “මා බලවත් කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන” (13 පදය).

අපගේ කාලය තුළ අප සියලු දෙනාම විවිධ අභියෝගයන්ට මුහුණ දෙන අතර උපකාරය, ශක්තිය සහ සමාදානය උදෙසා අප සැමට මොහොතෙන් මොහොත යේසුස්වහන්සේ දෙස බැලිය හැකිය. අපගේ ආදරණීයයන් සමග කෝපයෙන් වචන හුවමාරු කිරීමෙන් වැළකී සිටීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක. ඊළඟ අමාරු දේ කිරීමටද උන්වහන්සේ අපට ධෛර්්‍යය ලබා දෙන සේක. උන්වහන්සේ දෙස බලා තෘප්තිය සොයා ගන්න.