හවායි වැසියන් ආගමික ස්ථානවලට ඇතුල්වීමට පෙර ඉන් පිටත දීර්ඝ කාලයක් වාඩිවී සුදානම් වන ආකාරය පිළිබඳ කථවක් ඇලිස් කහුලූසුනා විස්තර කළාය. ඇතුල් වීමෙන් පසුවද ඔවුන් තම යාච්ඤා ඔප්පු කිරීමට අල්තාරය දෙසට බඩගා ගෙන යති. ඉන් පසුව ඔවුහු නැවත වරක් පිටතට පැමිණ ඔවුන්ගේ යාච්ඤාවන්ට
“ජීවන හුස්මලබා දෙන පිණිස” දීර්ඝ කාලයක් ගත කරති. මිෂනාරිවරුන් දිවයිනට පැමිණී පසුව ඔවුහු මිෂනාරිවරුන්ගේ යාච්ඤා අමුතු දෙයක් ලෙස සැළකූහ. මිෂනාරිවරුන් නැගිට වාක්‍ය කිහිපයක් උච්චාරණය කර එය “යාච්ඤාව” ලෙස හඳුන්වා පසුව ආමෙන් කියා අවසන් කළහ. හවායි වැසියන් මෙම යාච්ඤාවන් විස්තර කළේ “හුස්ම රහිත” යාච්ඤා ලෙසය.

ඇලිස්ගේ කථාවෙන් කියවෙන්නේ දෙවියන්වහන්සේගේ සෙනග නිතරම “නිශ්චලව සිටීමට සහ දැන ගැනීමට” (ගීතාවලිය 46:10) අවස්ථාව ලබා නොගන්නා බවයි. අප මතක තබා ගත යුතු කරුණ වන්නේ අපගේ යාච්ඤා ඉක්මන් හෝ සෙමෙන් වුවද දෙවියන්වහන්සේ ඒ යාච්ඤාවන් වලට සවන් දෙන බවයි. නුමුත් බොහෝ විට අපගේ ජීවිතයේ වේගය අපගේ හදවතේ සමාදානය අනුකරණය කරන නමුත් අපගේ ජීවිත වලට පමණක් නොව අප අවට සිටින අයගේ ජීවිත වලටද කථා කිරීමට දෙවියන්වහන්සේට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු වන්නෙමු. ඉක්මන් කිරීමෙන්, ආමෙන් කියමින් අපගේ යාච්ඤා කාලය අවසන් කිරීමෙන් අපට ජීවනය දෙන අවස්ථා කීයක් මග හැරී ඇත්ද?

සෙමෙන් වැඩ කරන මිනිසුන්ගේ සිට ගමනාගමනයේ මන්දගාමී මංතීරුව දක්වා සෑම දෙයක් ගැනම අපි බොහෝ විට නොඉවසිලිමත් වන්නෙමු. නමුත් “නිශ්චලව සිටින්න. හොාඳින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. කලබල නොවන්න. ඔබගේ රැකවරණය හා ශක්තියද කරදරවලට සදාකාලික උපකාරයක්ද වන මම දෙවියන්වහන්සේ බව මතක තබා ගන්න” යනුවෙන් මහත් කරුණාවෙන් යුතුව උන්වහන්සේ කියන බව මම විශ්වාස කරමි. එසේ කිරීමට අපි දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේම බව දැන ගත යුතු වන්නෙමු. එසේ කිරීම විශ්වාස කිරීමයි. එසේ කිරීම ජීවත් වීමයි.