ඇමෙරිකානු විප්ලවීය යුද්ධයේ මුල් දිනවල ක්විබෙක්හී බ්‍රිතාන්‍ය හමුදාවන්ට එරෙහිව විශේෂ යුධ මෙහෙයුමක් දියත් කරන ලදී. නිව්බෙරිපෝට්, මැසචුසේට්ස් හරහා කැනඩාවට යන අතර මගදී ඔවුහු සුප්‍රසිද්ධ ඉවැන්ජලිස්ත වරෙයක් වූ ජෝර්ජ් වයිට්ෆීල්ඩ්ගේ සොහොන බැලීමට ගියහ. වයිට්ෆීල්ඩ්ගේ මිනී පෙට්ටිය විවර කර තිබූ අතර ඔහුගේ පැවිදි කර පටිය සහ මාංචු ඉවත් කර තිබුණි. ඔහුගේ ඇඳුම කැබලිවලට කපා බෙදා හැර තිබුණේ කෙසේ හෝ එයින් සොල්දාදුවන්ට සාර්ථකත්වයක් ලැබේය යන වැරදි විශ්වාසයෙනි.

මෙම විශේෂ යුධ මෙහෙයුම අසාර්ථක විය. නමුත් සොල්දාදුවන් කළ දෙයින් පෙන්නුම් කරන්නේ අපගේ අවසාන යහ පැවැත්ම උදෙසා දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවයට වඩා අඩු දෙයක් කෙරෙහිද විශ්වාසය තැබීමේ අපගේ ප්‍රවණතාවයයි. එනම් මුදල් හෝ මානව ශක්තිය හෝ ආගමික සම්ප්‍රදායයන්ය. දෙවියන්වහන්සේ තම සෙනගට මෙයට එරෙහිව අවවාද කළේ ඔව්හු තම පාප වලින් හැරී උන්වහන්සේ වෙතට පුද්ගලිකව හැරෙනවා වෙනුවට ඵාරාවෝගේ උපකාරය පැතූ නිසාය. “මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියන සේක් : හැරී නිශ්චලව සිටීම කරණ කොට ගෙන නුඹලා ගැළවෙන්නහුය. නොකැළඹී විශ්වාස කිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නහුය. නුමුත් නුඹලා අකමැති වී කථා කොට : එසේ නොව අපි අසුන් පිට නැගී පලා යන්නෙමු යයි කීවහුය. එබැවින් නුමලා පලා යනවාම ඇත” (යෙසායා 30:15-16).

ඔවුන්ගේ “යුධ මෙහෙයුම”ද අසාර්ථක වූ අතර (දෙවියන්වහන්සේ පැවසූ ලෙසම) අසිරියාව යුදා නගරය යටපත් කළේය. නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගට නැවතත් කියා සිටියේ “ස්වාමින් වහන්සේ ඔවුන්ට කරුණාකරන්ට බලා සිටින බවයි”. අප අඩු දේවල් කෙරෙහි විශ්වාසය තබා තිබුණත් දෙවියන්වහන්සේ තවමත් උන්වහන්සේ වෙතට හැරී ඒමට අපට උපකාර කිරීම සඳහා උන්වහන්සේගේ අත දිගු කර ගෙන සිටින සේක. “උන්වහන්සේ ගැන බලා සිටින සියල්ලෝම වාසනාවන්තයෝය” (18 පදය).