ජෝන් සෝවර්ස් සිය “පියා නැති පරම්පරාව” නම්වූ කෘතියේ සඳහන් කරන්නේ “මවගේ නිවසේ වැඩෙන මිලියන 25 ක් වූ මෙම දරුවන් තරම් පියා අහිමිව ඇති පරම්පරාවක් දැක නැත්තෙමි” යනුවෙනි. මගේම අත් දැකීම අනුව මට වීථ’යේදී මගේ පියාව හමු වූවා නම් මට ඔහුව හඳුනා ගැනීමට නොහැකි වනු ඇත. මම කුඩා කාලයේදී මගේ දෙමව්පියන් දික්කසාද වූ අතර මගේ පියාගේ ඡායාරූප සියල්ලම පාහේ පුළුස්සා දමා තිබුණි. එම නිසා වසර ගණනාවක් මට පියෙක් නැතැයි මට හැඟුණි. එහෙත් වයස අවුරුදු දහතුන වන විට මම ස්වාමින්ගේ යාච්ඤාව (මතෙව් 6:9-13) ඇසුවෙමි. ඔබට පොළොවේ පියෙක් නොසිටින්න පුළුවන. නමුත් දැන් ඔබට ඔබගේ ස්වර්ගීය පියාණන් ලෙසට දෙවියන්වහන්සේ සිටියියනුවෙන් මම මටම කියා ගත්තෙමි.

මතෙව් 6:9 හි “ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා” කියා යාච්ඤා කරන්න අපට උගන්වනු ලබයි. ඊට පෙර 7 වන පදයෙහි “නිරර්ථක වචන කියාගෙන කියාගෙන නොයන්න” යනුවෙන් පවසන අතර මෙම පද සම්බන්ධ වන්නේ කෙසේදැයි අපට වටහා ගැනීමට අපහසුය. දෙවියන් වහන්සේ මතකයේ තබා ගන්නා නිසා අපි නැවත නැවත කියන්න අවශ්‍ය නැති බව මම තේරුම් ගත්තෙමි. උන්වහන්සේ ඇත්ත වශයෙන්ම තේරුම් ගන්නා නිසා අපට පැහැදිළි කිරීමට අවශ්‍ය නැත. උන්වහන්සේට දයානුකම්පිත හදවතක් ඇති බැවින් උන්වහන්සේගේ යහපත්කම පිළිබඳව අප අවිනිශ්චිත විය යුතු නැත. උන්වහන්සේ ආරම්භයේ සිට අවසානය දක්වා දන්නා නිසා උන්වහන්සේගේ වෙලාව හරියටම හරි බව අපි දන්නෙමු.

දෙවියන්වහන්සේ අපගේ පියාණන් වන බැවින් උන්වහන්සේගේ සිත දිනා ගැනීමට “බොහෝ වචන” (7 පදය) භාවිතා කිරීම අවශ්‍ය නොවේ. යාච්ඤාව තුළින් අප කථා කරන්නේ අපට ප්‍රේම කරන සහ අපව සළකන යේසුස්වහන්සේ තුළින් අපව උන්වහන්සේගේ දරුවන් බවට පත් කර ගත් පියෙක් සමගය.