එලන් තැපැල් පෙට්ටිය විවෘත කළ අතර ඇගේ ආදරණීය මිතුරියගේ ආපසු ලිපිනය සහිත විශාල ලියුම් කවරය සොයා ගත්තාය. දින කිහිපයකට පෙර ඇය තම මිතුරිය සමග සම්බන්ධතා අරගලයක් බෙදා ගත්තාය. කුතුහලයෙන් යුතුව ඇය පැකේජය ගළවා සරල ජූට් නූලක තිබූ වර්ණවත් පබළු මාලයක් සොයා ගත්තාය. එය අමුණා තිබුණේ සමාගමේ සටන් පාඨයක් වන “එය මෝර්ස් කෝඩ් එකේ කියන්න” සහ මාලයේ සැඟවුණු සහ ඥාණාන්විත පණිවුඩය වන “දෙවියන්වහන්සේගේ මාර්ග සොයන්න” යන්නයි. ඇයගේ බෙල්ල වටා එය දමා ගනිද්දී එලන් සිනහසුණාය.

හිතෝපදේශ පොත ඥාණවන්ත කියමන් සම්පාදනය කරන්නකි. බොහෝ ඒවා ලියනු ලැබුවේ යුගයේ බුද්ධිමත්ම මිනිසා ලෙසට ප්‍රශංසාවට ලක් වූ සාලමොන් විසිනි (1 රාජාවලිය 10:23). “ස්වාමින්වහන්සේ කෙරෙහි භය වීම දැන ගැන්මේ පටන් ගැන්මය” යන හිතෝපදේශ 1:7 හි මූලික පණිවුඩයෙන් පටන් ගෙන එහි ඇති පරිච්ඡේද තිස් එක තුළින් පාඨකයාට ප්‍රඥාවට ඇහුම්කන් දීමටත් මෝඩකමෙන් වැළකී සිටීමටත් ආරාධනා කරයි. ප්‍රඥාව යනු ඒ වෙලාවට කුමක්ද කළ යුත්තේ යන දැනුම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ මාර්ග සොයමින් උන්වහන්සේට ගරු කරන විටය. හඳුන්වා දීමේ පදවල අපට කියවිය හැක්කේ “නුඹේ පියාගේ ගුරුකම අසන්න. නුඹේ මවගේ උපදෙස්ද අත් නොහරින්න. ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්” යනුවෙනි (8-9 පද).

එලන්ගේ මිතුරිය ඇයට අවශ්‍ය ප්‍රඥාවේ මූලාශ්‍රය වෙතට ඇයව යොමු කළාය. දෙවියන්වහන්සේගේ මාර්ග සොයන්න. ඇගේ තෑග්ග තුළින් එලන්ට අවශ්‍ය උපකාරය සොයා ගත හැකි ස්ථානය වෙතට ඇගේ අවධානය යොමු කළේය.

අපි දෙවියන්වහන්සේට ගෞරව කර උන්වහන්සේගේ මාර්ගය සොයන විට ජීවිතයේ අප මුහුණ දෙන සියලු කාරණා සඳහා අවශ්‍ය ප්‍රඥාව අපට ලැබෙනු ඇත. සෑම දෙයකටම.