වසර දහහතරක් තිස්සේ “ඔපචුනිටි” නමින් හැඳින් වූ අඟහරු ග්‍රහලෝකය වටා ගිය රෝවර් නැමැති යාත්‍රාව නාසාහි ජෙට් ප්‍රවාලන රසායනාගාරයේ සේවකයින් සමග විශ්වාසවන්තව සන්නිවේදනය කළේය. එය 2004 දී ගොඩ බෑමෙන් පසුව අඟහරු ග්‍රහයා මතුපිට සිට සැතපුම් විසි අටක් පසුකර රූප දහස් ගණනක් ගෙන බොහෝ ද්‍රව්‍ය විශ්ලේෂණය කළේය. නමුත් 2018 දී “ඔපචුනිටි” සහ විද්‍යාඥයින් අතර සන්නිවේදනය අවසන් වූයේ විශාල ධූලි කුණාටුවක් එහි සූර්්‍යය පැනලය ආලේප කළ නිසා රෝවරයට බලය අහිමි වූ හෙයිනි.

අපේ ලෝකයෙන් පිටත කෙනෙකු සමග අපගේ සන්නිවේදනය අවහිර කිරීමට “දූවිලි” වලට ඉඩ දිය හැකිද? යාච්ඤාව ගැන කථා කරන විට දෙවියන්වහන්සේ සමග සන්නිවේදනය කිරීමේදී එයට බාධා විය හැකි සමහර දේවල් තිබේ.

දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය අවහිර කිරීමට පාපයට හැකි බව දේව වචනයේ සඳහන් වේ. “අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම් ස්වාමින්වහන්සේ මාගේ බස් නාසන සේක” (ගීතාවලිය 66:18). “නුඹලා යාච්ඤා කරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් කමාවෙන්න” (මාර්ක් 11:25) යනුවෙන් යේසුස්වහන්සේ අණ කරන සේක. සැකය සහ සම්බන්ධතා ගැටළුද දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවයට බාධාවක් විය හැකිය (යාකොබ් 1:5-7; 1 පේත්‍රැස් 3:7).

ඔපචුනිටි යාත්‍රාව සමග තිබූ සම්බන්ධතාවය අවහිර වීම ස්ථ’ර එකක් වුනි. නමුත් අපගේ යාච්ඤා අවහිර කළ යුතු නැත. ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාවන් තුළින් උන්වහන්සේ සමග සන්නිවේදනය යථා තත්ත්වයට පත් කිරීමට දෙවියන්වහන්සේ ප්‍රේමයෙන් අපව ඇද ගන්නා සේක. අපි අපගේ පාපයෙන් කියාදී උන්වහන්සේ වෙතට හැරෙන කල දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය තුළින් විශ්වය මෙතෙක් දැන සිටි ශ්‍රේෂ්ඨම සන්නිවේදනය අපි අත් දකින්නෙමු. එනම් අප හා ශුද්ධ දෙවියන්වහන්සේ අතර “එකින් එක” යාච්ඤාවයි.