ඉංග්‍රීිසි දේශකයෙක් වන චාර්ල්ස් එච්. ස්පර්ජන් (1834-1892) ඉතා කාර්්‍යක්‍ෂම ජීවිතයක් ගත කළේය. වයස අවුරුදු දහනවයේදී ඔහු දේව ගැතිවරයෙක් බවට පත් වී වැඩි කල් නොගොස් විශාල පිරිසකට දේශනා කළේය. ඔහු සිය දේශනා සියල්ලම පෞද්ගලිකව සංස්කරණය කළ අතර එය අවසානයේ වෙළුම් හැට තුනකින් සමන්විත විය. එසේම ඔහු බොහෝ විවරණද, යාච්ඤාව පිළිබඳ පොත් සහ වෙනත් කෘතිද ලිවීය. ඔහු සාමාන්‍යයෙන් සතියකට පොත් හයක් කියවීය. ඔහුගේ එක් දේශනයකදී ස්පර්ජන් පැවසුවේ “කිසිවක් නොකිරීමේ පාපය සියලු පාපයන්ගෙන් විශාලතම දෙයයි. මක්නිසාදයත් එයට අනෙක් බොහෝ පාපයන් සම්බන්ධ වේ. … භයානක උදාසීනත්වය! දෙවියන්වහන්සේ අපව එයින් ගළවන සේක්වා!” යනුවෙනි.

චාර්ල්ස් ස්පර්ජන් ඉතා කඩිසරව ජීවත් වූ අතර එයින් අදහස් වන්නේ ඔහු දෙවියන්වහන්සේගේ කරුණාවේ වැඩෙන්නත් උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වන්නත් “සෑම උත්සාහයක්ම” (2 පේත්‍රැස් 1:5) දැරූ බවයි. අපි ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් නම් තව තවත් යේසුස්වහන්සේ මෙන් වැඩනේනත් “අපගේ ඇදහිල්ල සමග ගුණයද, ගුණය සමග දැනගැන්මද,…. පමණ දැන ක්‍රියා කිරීමද … ඉවසිල්ලද… දේව භක්තියද” සපයා ගන්නත් ඇති ආශාව සහ හැකියාව දෙවියන්වහන්සේ අප තුළ ඇති කරන සේක (5-7 පද).

අප සෑම කෙනෙක්ටම වෙනස් පෙළඹීම්, හැකියාවන් සහ ශක්ති මට්ටම් ඇත. අප සැමට චාර්ල්ස් ස්පර්ජන් මෙන් ජීවත් විය නොහැක. නමුත් යේසුස්වහන්සේ අප වෙනුවෙන් කර ඇති සියල්ල තේරුම් ගත් විට උද්යෝගිමත්ව විශ්වාසවන්තව ජීවත් වීමට අපට විශාලතම පෙළඹවීම ලැබෙනු ඇත. දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වීමට හා සේවය කිරීමට උන්වහන්සේ අපට දී ඇති සම්පත් තුළින් අපට ශක්තිය ලැබෙනු ඇත. දෙවියන්වහන්සේට තම ආත්මයාණන් වහන්සේ තුළින් අපගේ ලොකු හා කුඩා උත්සාහයන් වලට අපව සවිබල ගැන්විය හැකිය.