සෑම් කිසි වරදක් කර නොතිබුණද එකළස් පේළියේදී ඔහුට ඔහුගේ රැකියාව අහිමි විය. වෙනත් අංශයක නොසැළකිලිමත් කම නිසා ඔවුන් සාදන ලද මෝටර් රථවල ගැටලු මතු වුනි. අනතුරු කිහිපයක් ප්‍රවෘත්ති වලට මාතෘකා වූ බැවින් අවධානයෙන් සිටි ගැණුම්කරුවන් එම රථ වර්ගය මිළට ගැනීම නැවැත්වූහ. සමාගම සේවක මණ්ඩලය අඩු කිරීම නිසා කිසිදු වැරෑද්දක් නොකළ සෑම්ටත් රැකියාව අහිමි වුනි. එය අසාධාරණයකි.

පළමු පාපයත් සමගම ඉතිහාසයේ පළමු සම පාර්ශවීය හානිය සිදු වුනි. ආදම් සහ ඒව ඔවුන්ගේ නිරුවත ගැන ලැජ්ජාවට පත්වූ නිසා “සම්වලින් ඇඳුම් සාදා” ඔවුන්ට අන්දවන්න ස්වාමින්වහන්සේට සිදු වූ සේක (උත්පත්ති 3:21). සිතීම පවා වේදනාකාරීය. මෙතෙක් සෑම විටම ආරක්‍ෂිතව උයනේ සිටි සතුන් එක් කෙනෙක් හෝ කිහිප දෙනෙක් හෝ දැන් මරා හම ගැසීමට ලක් වූහ.

තව බොහෝ දේ පැමිණිමට තිබුණි. “තවද කැළලක් නැති අවුරුද්දක බැටළු පැටවෙක් දවන පූජාවක් කොට දවස් පතාම ස්වාමින්වහන්සේට පිළියෙල කරන්න. උදයෙන් උදය එසේ පිළියල කරන්න” කියා (එසකියෙල් 46:13) දෙවියන්වහන්සේ ඉශ්‍රායලයට පැවසූ සේක. සෑම දිනකම. මිනිස් පාපය නිසා සතුන් කී දහසක් පූජා කරන්න ඇත්ද?

දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් පැමිණ අපගේ පාපය ඉවත් කරන තුරු අපගේ පාප ආවරණය කිරීමට එම සතුන්ගේ මරණය අවශ්‍ය විය (යොහන් 1:29). මෙය සම පාර්ශවීය අලුත්වැඩියාව කියා කිව හැකිය. ආදම්ගේ පාපය අපව මරණයට පත් කරයි. එසේ හෙයින් අන්තිම ආදම්ගේ (ක්‍රිස්තුස්වහන්සේගේ) කීකරුකම උන්වහන්සේව විශ්වාස කරන සියලු දෙනාවම යථා තත්ත්වයට පත් කරන්නේය (රෝම 5:17-19). සම පාර්ශවීය අලුත්වැඩියාව සාධාරණ නැත. යේසුස්වහන්සේගේ ජීවිතය එහි මිළය ගෙව්වේය. නමුත් එය නොමිළයේය. ඇදහිල්ලෙන් යේසුස්වහන්සේ වෙතට ගොස් උන්වහන්සේ දෙන ගැළවීම ලබා ගන්න. එවිට උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ජීවිතය ඔබට ගණන් දෙනු ඇත.