වීදියේ එක් පැත්තක නිවාස හිමියෙක් එක්සත් ජනපද ධජයකින් ඔතා ඇති කෘතිම යෝධ රාජාලියෙකු සිය ගෙමිදුලේ ප්‍රදර්ශනය කළේය. විශාල ට්‍රක් රථයක් ධාවන පථයේ නවතා තිබේ. එහි පැති කවුළුවේ පාට ගල්වන ලද ධජයක් ඇති අතර පසුපස බම්පරය දේශප්‍රේමී ස්ටිකර්වලින් ආවරණය කර තිබුණි. වීදිය හරහා කෙළින්ම වූ අසල්වැසි මිදුලක ප්‍රවෘත්තිවල දැක්වුණු වර්තමාන සමාජ සාධාරණත්වය පිළිබඳ සටන් පාඨ ඉස්මතු කරන සංඥා දක්නට ලැබුණි.

මෙම නිවෙස්වල සිටින අය අඩ දබර කරන අයද නැතිනම් මිත්‍රයන්ද? අපි කල්පනා කරන්නෙමු. පවුල් දෙකම යේසුස්වහන්සේව විශ්වාස කරන අයවළුන්ද? යාකොබ් 1:19 හි දැක්වෙන වචන අනුව ජීවත් වන්න දෙවියන් වහන්සේ අපට ඇරයුම් කරන සේක. “එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා. කථා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා”. බොහෝ විට අපි මුරණ්ඩු ලෙස අපගේ මතයන් තදින් අල්ලා ගෙන සිටින අතර අනෙක් අය සිතන දේ සළකා බැලීමට කැමති නැත. මැතිව් හෙන්රිගේ අටුවාවෙහි මෙසේ කියැවේ : “අපි සෑම පැත්තකින්ම හේතූන් සහ සත්‍යයන් අසන්නට ඉක්මන් විය යුතුය. කථා කිරීමට ප්‍රමාද විය යුතුය… තවද අප කථා කරන විට එහි උදහසක් නොතිබිය යුතු වන්නේය”.

“ඉගෙන ගැනීමට අසා සිටීම අවශ්‍යයි” කියා කෙනෙක් කියා තිබේ. යාකොබ්ගේ පොතේ දැක්වෙන දෙවියන් වහන්සේගේ ප්‍රායෝගික වචන ඉටු කළ හැක්කේ අප දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය ආත්මයෙන් පූර්ණ වී අන් අයට ගරු කිරීමට තෝරා ගන්නේ නම් පමණී. අපගේ හදවත්වල සහ ආකල්පවල වෙනස්කම් කිරීමට අපට උපකාර කිරීමට උන්වහන්සේ කැමැත්තෙන් සිටින සේක. සවන් දීමට සහ ඉගෙන ගැනීමට අප විවෘතද?