කණිෂ්ඨ ජෝන් එෆ්. කෙනඩි විසින් නියමුවා ලෙස ක්‍රියා කළ කුඩා ගුවන් යානය 1999 ජූලි 16 වන දින අත්ලන්තික් සාගරයට කඩා වැටුණි. පරීක්‍ෂකයින් විසින් අනතුරට හේතුව අවකාශීය අතරමං වීම ලෙස හැඳිින්වෙන පොදු දෝෂයක් ලෙස තීරණය කරන ලදී. මෙයට හේතුව දෘශ්‍යතාවය දුර්වල වීම නිසා ගුවන් නියමුවන් නොමග ගොස් ඔවුන්ගේ ගමන සාර්ථකව ළඟා වීමට උපකාර කිරීමට ඔවුන්ගේ උපකරණ මත විශ්වාසය තැබීමට අමතක වීමෙනි.

අපගේ ජීවිත ගමනේදී බොහෝ අවස්ථාවලදී ජීවිතය ව්‍යාකූල විය හැකිය. පිළිකා රෝගයක් ඇතැයි හඳුනා ගැනීම, ආදරණීය කෙනෙක්ගේ මරණය, රැකියා අහිමිවීම, මිතුරෙකුගේ පාවාදීම වැනි අපගේ ජීවිතයේ අනපේක්‍ෂිත ඛේදවාචකයන්ට පහසුවෙන්ම තනිකම සහ ව්‍යාකූලත්වය ඇති කළ හැකිය.

මෙවැනි තත්ත්වයන් තුළ අප සිටින විට 43 වන ගීතාවලිය යාච්ඤාවක් ලෙස අපට කියවිය හැකිය. මෙම ගීතාවලියේ ගීතිකාකරු නපුරෙන් සහ අයුක්තියෙන් වටවී සිටින්නේ යයි හැඟෙන නිසා ඔහු ව්‍යාාකූල වී අතරමං වී සිටියි. බලාපොරොත්තු සුන්වූ විට ගීතිකාකරු තමාට අවශ්‍ය ගමනාන්තය දක්වා ආරක්‍ෂිතව ගමන් කිරීමට උපකාර වන ලෙසත් ඔහුට ස්ථ’ර මග පෙන්වීම ලබා දෙන ලෙසත් දෙවියන්වහන්සේගේ අභිමුඛය තමා සමග තිබෙන ලෙසත් ඔහු දෙවියන්වහන්සේගෙන් ඇයැද සිටියි (3-4 පද). දෙවියන්වහන්සේ ඉදිරියේ තමාට අලුත් බලාපොරොත්තුවක් හා ප්‍රීතියක් ලැබෙන බව ගීතිකාකරු දන්නේය.

ගීතිකාකරු තමාට මඟ පෙන්වීම සඳහා ඉල්ලා සිටින මෙවලම් මොනවාද? සත්‍යයේ ආලෝකය සහ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ අභිමුඛය සහතික වීමයි.

ඔබ අධෛර්්‍යයට පත්වී සිටින බවක් හෝ අතරමංවී සිටින බවක් හෝ දැණුන විට දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ ප්‍රේමණීය අභිමුඛය මගින් උන්වහන්සේගේ විශ්වාසවන්ත මග පෙන්වීමට ඔබව සැනසීමට සහ ඔබගේ මාර්ගය ආලෝකමත් කිරීමටත් හැකි වන්නේය.