අයුක්තිය නිවැරදි කිරීම පිළිබඳ පණිවුඩයක් ඇසීමෙන් පසු සභාවේ සාමාජිකයෙක් හඬා වැලපෙමින් දේවගැති තුමා ළඟට පැමිණ සමාව ඉල්ලා කළු දේවගැතිවරයෙක් තම සභාවේ සභා පාලක ලෙස කැඳවීමට පක්‍ෂව ඡන්දය නොදුන්නේ තමාගේ අවිචාරක හැඟීම නිසා බවට පාපෝච්චාරණය කළේය. “ඇත්තටම ඔබගේ සමාව මට අවශ්‍යයි. මගේ දරුවන්ගේ ජීවිත තුළට අවිචාරක හැඟීම් සහ වර්ගවාදය පැතිරීම මට අවශ්‍ය නැත. මම ඔබට ඡන්දය නොදුන්නෙමි. එය වැරදියි”. ඔහුගේ කඳුළු සහ පාපෝච්චාරණයට දේවගැතිවරයාගේ කඳුළු සහ සමාව ලැබුණි. සතියකට පසු දෙවියන්වහන්සේ ඔහුගේ හදවතේ ක්‍රියා කළ ආකාරය පිළිබඳ ඔහුගේ සාක්‍ෂිය ඇසීමෙන් මුළු සභාවම ප්‍රීති වූහ.

යේසුස්වහන්සේගේ ගෝලයෙකු හා මුල් පල්ලියේ ප්‍රධාන නායකයෙකු වූ පේත්‍රැස්ව පවා නිවැරදි කිරීමට සිදු වූයේ යුදෙව් නොවන අය පිළිබඳව ඔහු තුළ තිබු වැරදි මතය නිසාය. අන්‍ය ජාතිකයන් සමග ආහාර ගැනීම සහ පානය කිරීම (අපවිත්‍ර යයි සළකනු ලැබූ) සමාජ හා ආගමික ගිවිසුමේ මුල් කෙටුම්පත උල්ලංඝණය කිරීමක් වන්නේය. “අන්‍යජාතී කෙනෙකු හා සමාගම් වීමටත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලා දන්නහුය” (10:28 පදය) කියා පේත්‍රැස් කීවේය. දෙවියන්වහන්සේගේ අධිස්වාභාවික ක්‍රියාවකින් මෙය පැහැදිළි කරන ලදී (9-23 පද). ඔහුට සහතිකයක් වන පිණිස “නමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට” දෙවියන්වහන්සේ ඔහුට දැන්වූ බව කීවේය (28 පදය).

දේව වචනය දේශනා කිරීම, ආත්මයාණන්වහන්සේ ඒත්තු ගැන්වීම සහ ජීවිත අත්දැකීම් තුළින් අපගේ නොමග ගිය දෘෂ්ටි කෝණයන් නිවැරදි කිරීමට දෙවියන්වහන්සේ මිනිස් හදවත් තුළ දිගටම ක්‍රියා කරන සේක. “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරතිරම නොබලන කෙනෙක්” (34 පදය) බව දකින්න උන්වහන්සේ අපට උපකාර කරන සේක.