“ද ග්‍රේටස්ට් ෂෝමන්” නමින් හඳුන්වන සංගීත චිත්‍රපටියේ වඩාත් හැඟීම් බර ගීතයක් වන්නේ “දැන් සිට” යන්නයි. ප්‍රධාන චරිතය රඟපාන්නා ගායනා කිරීමෙන් පසු තමා පවුලේ සහ මිතුරන් තුවාල කළ මාර්ග ගැන වේදනාකාරී සිද්ධීන් සිහිකරන්නේය. නැවත නිවසට පැමිණිමේ සහ අප සතුව ඇති දේ බොහෝ සේ ප්‍රමාණවත් බව සොයා ගැනීමේ ප්‍රීතියෙන් ගායනය සමරණු ලබන්නේය.

හොෂෙයා පොත ඒ හා සමාන ස්වරයකින් අවසන් වේ. දෙවියන්වහන්සේ වෙතට නැවත පැමිණෙන අයව ගොඩ නැංවීමේදී ඇති කරන්නාවූ ප්‍රීතිය හා කෘතඥතාවය ගැන කථා කරයි. මෙම පොතේ වැඩියෙන්ම ලියා තිබෙන්නේ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සෙනග අතර ඇති සම්බන්ධය විශ්වාසවන්ත නොවූ කාලත්‍රයෙකු සමග ඇති සම්බන්ධතාවය හා සංසන්දනය කිරීමෙනි. උන්වහන්සේට ප්‍රේම කිරීමට සහ උන්වහන්සේ සමග ජීවත් වීමට ඉශ්‍රායලය අපොහොසත් වීම ගැන වැළපේ.

තමන් උන්වහන්සේව අත්හැරිය ආකාරය ගැන හදවත බිඳී නැවත උන්වහන්සේ වෙතට හැරී එන අය වෙත නොමිළයේ ලැබෙන උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය, කරුණාව සහ ප්‍රතිෂ්ඨාපනය (1-3 පද) පිළිබඳ පොරොන්දුව හොසෙයා 14 වන පරිච්ඡේදයේ උපුටා දැක්වෙන්නේය. “මම ඔවුන්ගේ පසුබටවීම සුවකර සිය කැමැත්තෙන්ම ඔවුන්ට ආදරේ වන්නෙමි” (4 පදය) කියා දෙවියන්වහන්සේ පොරොන්දු වන සේක. උන්වහන්සේගේ සෙනගට “මානෙල් මල් මෙන් මල් දරන්නට” සහ “ගොයම මෙන් නැවත ප්‍රාණවත් වන්නට” උන්වහන්සේගේ කරුණාව පිනි මෙන් ඔවුන් මතට වැටී අලුත්වැඩියාවෙන් ඔබ්බට ගිය දෙය නැවත වරක් සම්පූර්ණත්වයට පැමිණීමට සැළැස්වූ සේක (5-7 පද).

අප අන් අයව රිදවන විට හෝ අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ යහපත්කම සුළු කොට තැකූ විට හෝ අපට දී ඇති යහපත් ත්‍යාගයන් අප සදහටම නැති කර ගෙන ඇති බව උපකල්පනය කිරීම පහසුය. නමුත් අපි නිහතමානීව උන්වහන්සේ වෙතට හැරෙන කල අපව වැළඳ ගෙන ප්‍රතිෂ්ඨාපනය කිරීමට උන්වහන්සේගේ ප්‍රේමය සෑම විටම සුදානම් බව අපි දකින්නෙමු.