එය අකුණු කුණාටුවක් විය. මගේ හය හැවිරිදි දියණිය සහ මම බිම හිඳ ගෙන වීදුරු දොර හරහා විශ්මිත සංදර්ශනය දෙස බලා සිටියෙමු. ඇය දිගින් දිගටම කියා සිටියේ “වාව්! දෙවියන්වහන්සේ ඒතරම් විශාලයි” කියාය. මටත් එසේම හැඟුණි. අප කෙතරම් කුඩාද දෙවියන්වහන්සේ කෙතරම් බලවත්ද යන්න අප දෙදෙනාටම පැහැදිලි වුනි. “එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?” යනුවෙන් යෝබ්ගේ පොතෙහි වදන් මාගේ මනස හරහා ගලා ගියේය (යෝබ් 38:24).

දෙවියන්වහන්සේගේ බලය ගැන යෝබ්ට මතක් කර දීමට අවශ්‍ය විය (34-41 පද). ඔහුගේ ජීවිතය කඩා වැටී තිබුණි. ඔහුගේ දරුවන් මිය ගොස් ඇත. ඔහු දුප්පත් විය. ඔහු අසනීප විය. ඔහුගේ මිතුරන් සංවේදිතාව ඉදිරිපත් කළේ නැත. ඔහුගේ භාර්්‍යයාව ඇදහිල්ල අත්හරින ලෙසට ඔහුව දිරිමත් කළාය (2:9). අවසානයේදී යෝබ් “ඇයි?” කියා දෙවියන්වහන්සේගෙන් අසන්නේය (24 පරිච්ඡේදය). දෙවියන්වහන්සේ කුණාටුවකින් ප්‍රතිචාර දක්වන සේක (38 පරිච්ඡේදය).

ලෝකයේ භෞතික ගුණාංග වල පාලනය තමන්වහන්සේ යටතේ බව දෙවියන්වහන්සේ යෝබ්ට මතක් කර දෙන සේක (38 පරිච්ඡේදය). යෝබ් ඉන් සැනසීමක් ලැබූ අතර “මා ඔබ ගැන කණින් අසා තිබුණේය. නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි” (42:5) කියා පිළිතුරු දුන්නේය. වෙනත් වචන වලින් කියතොත් “දෙවියන් වහන්ස දැන් මට තේරුණා. ඔබවහන්සේ මගේ රාමුවට නොගැළපෙන බව මට පෙනේ” යන්නයි.

ජීවිතය කඩා වැටෙන විට සමහර විට අපට කළ හැකි වඩාත්ම සැනසිලිදායක දෙය නම් බිම වැතිර අකුණු සැර දෙස බලා සිටීමයි. එවිට ලෝකය මැවූ දෙවියන්වහන්සේ අපව රැක බලා ගැනීමට තරම් විශාල බවත් ආදරය කරන බවත් මතක් කර ගැනීමට හැකි වන්නේය. සමහර විට අපගේ දෙවියන්වහන්සේගේ බලය හා ශ්‍රේෂ්ඨත්වය පවසන අපගේ ප්‍රියතම නමස්කාර ගීත ගායනා කිරීමට පවා අපි පටන් ගන්නෙමු.