මම මීට වසර ගණනාවකට පෙර කිතුනු සංවිධානයක තනතුරක් සඳහා ඉල්ලුම් කළ අතර මත්පැන්, දුම්කොළ සහ ඇතැම් විනෝදාශ්වාදයන් සම්බන්ධ නීතිමය නීති ලැයිස්තුවක් මට ඉදිරිපත් කරන ලදී. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම වූයේ “අපගේ සේවකයින්ගේ ක්‍රිස්තියානි හැසිරීම අපේක්‍ෂා කරන්නෙමු” යන්නයි. මම මෙම ලැයිස්තුවට එකඟ වූයේ මගේ ඇදහිල්ලට බොහෝ දුරට සම්බන්ධ නැති හේතු නිසාත් මා මෙවැනි දේවල් නොකරන නිසාත්ය. එහෙත් මගේ තර්කානුකූල පැත්ත වූයේ අහංකාරකම, තේරුම් ගැනීමෙහි අසමර්ථකම, රළු බව, අධ්‍යාත්මිකව වෙනස් බව සහ විවේචනාත්මක බව යනාදී ලැයිස්තුවක් ඔවුන් වෙත නැත්තේ මන්ද යන්නයි. මේ කිසිම දෙයක් එහි සඳහන් නොවුණි.

යේසුස්වහන්සේ අනුගමනය කිරීම නීති ලැයිස්තුවකින් අර්ථ දැක්විය නොහැක. එය ජීවිතයේ ගණනය කිරීමට අපහසු වූවත් හොඳින් විස්තර කළ හැක්කේ “ලස්සනයි” යනුවෙනි.

මතෙව් 5:3-10 හි කන්ද උඩ දේශනාවේ මෙම “ලස්සනයි” කියා කියන දේ සාරාංශ කර දක්වයි. යේසුස් වහන්සේගේ ආත්මය තුළ වාසය කරන සහ යැපෙන අයට නිහතමානී සහ සමාව දීමේ ආත්මයක් ඇත. ඔවුන් මෘදුය; කාරුණිකය. ඔවුහු තමන් තුළත් අන් අය තුළත් යහපත්කම අපේක්‍ෂා කරන්නහුය. ඔවුහු අරගල කරමින් පරාජිත වන අයට දයානුකම්පාව දක්වති. ඔවුන්ට යේසුස්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය ගැන තනි මනසක් ඇත. ඔවුන් සාමකාමී වන අතර සමාදානයේ උරුමයක් ඉදිරි පරම්පරාවට ඉතිරි කරයි. ඔවුහු තමන්ව අනිසි ලෙස භාවිතා කරන අයට කරුණාව දක්වමින් නපුරට යහපත කරති. ඔවුහු ආශිර්වාද ලද්දෝ වෙති. එහි තේරුම ගැඹුරුම අර්ථයෙන් “ප්‍රීතිමත්” යන්නයි.

මේ ආකාරයේ ජීවිතය අන් අයගේ අවධානය ආකර්ශණය කර ගන්නා අතර එය අයිති වන්නේ යේසුස් වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගෙන් මෙම ප්‍රීතිමත් ජීවිතය ලබා දෙන ලෙස ඉල්ලන අයටය.