1800 ගණන්වල අග භාගයේදී වසර පහක කාලයක් මිනෙසෝටා නගරයට තණකොළ පෙත්තන් බෝවී බෝග විනාශ කළහ. ගොවීන් තාරවල තණකොළ පෙත්තන් කොටු කර කෙත්වතු පුළුස්සා දමමින් ඔවුන්ගේ බිත්තර මරා දැමීමට උත්සාහ කළහ. කලකිරීමේ හැඟීමෙන් යුතුව සාගින්නෙන් පෙළෙන තත්ත්වයක් අද්දර සිටිද්දී බොහෝ දෙනෙක් දෙවියන්වහන්සේගේ උපකාරය පැතීමට ප්‍රාන්තය පුරා යාච්ඤා දිනයක් පැවැත්වීමට සුදුසු දිනයක් සෙව්වෝය. ආණ්ඩුකාරයා විසින් අප්‍රේල් 26 වන දින යාච්ඤා කිරීම සඳහා වෙන් කරන ලදී.

සාමුහික යාච්ඤාවෙන් පසු දිනවලදී කාලගුණය උණුසුම් වූ අතර බිත්තර ජීවනය ලබන්න පටන් ගත්හ. නමුත් දින හතරකට පසු සෑම දෙනෙක්වම මවිතයට සහ ප්‍රීතියට පත් කරමින් උෂ්ණත්වය පහත වැටී දැඩි ලෙස සීතල වූ කාලගුණය කීටයන් මරා දැමීය. මිනෙසෝටාන්වරු නැවත වරක් ඔවුන්ගේ බඩ ඉරිඟු, තිරිඟු සහ ඕට්ස් අස්වැන්න නෙළා ගත්හ.

යෙහොෂාපාට් රජුගේ පාලන සමයේදී දෙවියන්වහන්සේගේ සෙනගගේ ගැළවීම පිටුපසද යාච්ඤාව තිබුණි. තමන්ට එරෙහිව විශාල හමුදාවක් පැමිණෙන බව දැන ගත් රජු, යාච්ඤා කිරීමටත් නිරාහාරව සිටීමටත් දෙවියන් වහන්සේගේ සෙනඟට කථා කළේය. අතීතයේදී උන්වහන්සේ ඔවුන්ව ගළවා ගත් ආකාරය ගැන ජනතාව දෙවියන්වහන්සේට සිහිපත් කළහ. යෙහොෂාපාට් පැවසුවේ උපද්‍රවයක් ඔවුන් වෙත පැමිණියේ නම් “කඩුව හෝ දඬුවම හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමුණුනහොත්” (2 ලේකම් 20:9) දෙවියන්වහන්සේ අසා ඔවුන්ව ගළවා ගන්නා බව දැන ගෙන උන්වහන්සේට මොර ගැසිය යුතු බවයි.

ආක්‍රමණික හමුදාවන්ගෙන් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනග ගළවා ගත් සේක. එසේම අපි විපත්තියේදී උන්වහන්සේට මොර ගසන කල උන්වහන්සේ සවන් දෙන සේක. සම්බන්ධතාවය ගැන ප්‍රශ්නයක් හෝ ස්වාභාවික ලෝකයෙන් තර්ජනය ගෙන එන දෙයක් හෝ වේවා ඔබගේ සැළකිල්ල කුමක් වූවත් එය දෙවියන්වහන්සේ වෙතට යාච්ඤාවෙන් ඔසවන්න. උන්වහන්සේට කිසිවක් අපහසු නොවේ.