“බීබීසී සංගීත සඟරාව” විසින් ලොව ප්‍රමුඛ පෙළේ සංගීත නියාමකයින් එකසිය පනස් දෙනෙකුගෙන් තමන් විශ්වාස කරන විදියට මෙතෙක් ලියන ලද ශ්‍රේෂ්ඨතම සංධ්වනි විස්ස කුමක්දැයි ඇසූ කල බීතෝවන්ගේ තෙවන “ඊරොයිකා” ඉහළට පැමිණියේය. ප්‍රංශ විප්ලවයේ නොසන්සුන්තාවයේදී මෙම කෘතිය “වීර” යන අර්ථය ඇතිව ලියා තිබුණි. නමුත් එය තම ඇසීම ක්‍රමයෙන් හීන වෙද්දී බීතෝවන්ගේම අරගලයෙන් පිටතට පැමිණියේය. එම සංගීතය මනුෂ්‍යයෙක් වීම සහ ජීවත් වෙමින් අභියෝගයන්ට මුහුණ දීම යන හැඟීම් උද්දීපනය කරවන්නීය. සන්තෝෂය, දුක සහ අවසාන ජයග්‍රහණයන් තුළින් බීතෝවන්ගේ තුන්වන සංධ්වනිය මිනිස් ආත්මයට කාලෝචිත උපහාරයක් ලෙස සැළකේ.

පාවුල් විසින් කොරින්තිවරුන්ට ලියු පළමු ලිපිය ඒ හා සමාන හේතූන් නිසා අපගේ අවධානයට ලක් විය යුතු වන්නේය. සංගීතයට වඩා දේවානුභාවයෙන් යුත් වචන තුළින් එය ආශිර්වාදයෙන් ඉහළ යයි (1:4-9). ආත්මය තලා දැමීමේ ශෝකයට පත්වේ (11:17-22). එකිනෙකා වෙනුවෙන් වැඩ කරන ජනතාවගේ එකමුතුවෙන් සහ දෙවියන්වහන්සේගේ මහිමය වෙනුවෙන් නැවත නැගිට සිටිති (12:6-7).

වෙනස වන්නේ මෙහිදී අපගේ මනුෂ්‍ය ආත්මයේ ජයග්‍රහණය දෙවියන්වහන්සේගේ ආත්මයට උපහාරයක් මෙන් නැගිට සිටීම දැකීමයි. වචනයෙන් කිව නොහැකි ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය එකතුව අත් විඳින ලෙසට පාවුල් අපට කියා සිටියි. එසේම ශබ්දය සඳහා නොව සියල්ලන්ගේ ශ්‍රේෂ්ඨතම සංධ්වනියට අපගේ දායකත්වය ලබා දීම පිණිස අපගේ පියාණන් වහන්සේ විසින් අපව කැඳවා උන්වහන්සේගේ පුත්‍රයා මගින් මග පෙන්වා උන්වහන්සේගේ ආත්මයෙන් පොළඹවනු ලැබ ඇති බව දැකීමට පාවුල් අපට උපකාර කරන්නේය.