2019 දී ඩෝරියන් සුළි කුණාටුව දැඩි වර්ෂාව, සුළඟ සහ ගංවතුරෙන්ද බහමාස් දුපත් යටපත් කළේය. එය රටේ ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික ව්‍යසනය වුයේය. උපතේදී හෝ ඊට පෙර මොළයට සිදුවූ හානියක් නිසා මාංශ පේශීන් පාලනය කර ගත නොහැකි තත්ත්වයක (සෙරෙබ්‍රල් පොල්සි) සිටි තම වැඩිහිටි පුත්‍රයා සමග නැවතී සිටි නිවසෙන් ඉවත් විය යුතු බව බ්‍රෙන්ට් දැන ගත්තේය. බ්‍රෙන්ට් අන්ධ වූවත් ඔහුට පූත්‍රයා බේරා ගැනීමට සිදු විය. මෘදු ලෙස තම පුතාව තමාගේ උරහිස් මත තබා ගෙන නිකට දක්වා වූ ජලයට ඔහු බැස්සේ තම පුතාව ආරක්‍ෂිත ස්ථානයකට උසුලා ගෙන යාමටය.

විශාල බාධකයකට මුහුණ දෙන භූමික පියෙක් තම පුතාට උපකාර කිරීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නම් අපගේ ස්වර්ගික පියාණන් තම දරුවන් ගැන තව කොපමණ සැළකිලිමත් වේදැයි සිතා බලන්න. ඇදහිල්ල බිඳවැටීමේ අන්තරාය අත්විඳිින විට පවා දෙවියන්වහන්සේ තම සෙනගව රැගෙන ගිය ආකාරය
පරණ ගිවිසුමේදී මෝසෙස් සිහිපත් කරයි. දෙවියන්වහන්සේ ඔවුන්ව ගළවා ගත් ආකාරයද කාන්තාරයේ ආහාර සහ ජලය සැපයූ ආකාරයද ඔවුන්ගේ සතුරන්ට එරෙහිව සටන් කළ ආකාරයද වළාකුලෙන් සහ ගින්නෙන් ඔවුන්ට මග පෙන්වූ ආකාරයද ගැන ඔහු ඉශ්‍රායෙල්වරුන්ට මතක් කර දුන්නේය. දෙවියන්වහන්සේ ඔවුන් වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය ගැන මෙනෙහි කරමින් මෝසෙස් පැවසුවේ “මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලාගෙන යන්නාක් මෙන්” (ද්වීථීය කථාව 1:31) දෙවියන්වහන්සේ ඔබව උසුලා ගෙන ආවේය යනුවෙනි.

ඉශ්‍රායෙල්වරුන්ට පාළුකරය හරහා ගමන් කිරීම පහසු නොවු අතර ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ ඇදහිල්ල අඩු වූනි. නමුත් එය දෙවියන්වහන්සේගේ ආරක්‍ෂාව සහ සැපයුම පිළිබඳ සාක්‍ෂිවලින් පිරී තිබුණි. මෘදුව, දිරිමත්ව විශ්වාසයෙන් යුතුව පියෙකු පුතෙක් උසුලා ගෙන යන ආකාරය දෙවියන්වහන්සේ ඉශ්‍රායලය රැකබලා ගත් ආකාරය පිළිබඳව දැක්වෙන අපූරු චිත්‍රයකි. අපගේ ඇදහිල්ල පරීක්‍ෂා කරන අභියෝගවලට අප මුහුණ දෙන විට පවා දෙවියන්වහන්සේ ඒවා තුළින් අපව උසුලා ගෙන යන බව අපට මතක තබා ගත හැකිය.