මම ටියුලිප් මල් ගැන සත්‍යය නොකීවෙමි. මගේ බාල දියණිය ඇම්ස්ටර්ඩෑම් නගරයට ගොස් නැවතත් එක්සත් ජනපදයේ නිවසට පැමිණෙන විට ත්‍යාගයක් ලෙසට ටියුලිප් මල් කඳන් කිහිපයක් ගෙන ආවාය. ඒ නිසා මම ඇය හා නැවත එක්වීම තරම්ම වූ උද්යෝගයකින් මල් කඳන්ද පිළිගන්නා බවට මවා පෑමක් කළෙමි. නමුත් ටියුලිප් මල් මම අඩු වශයෙන්ම කැමති මල් වර්ගයකි. මෙම මල් කලින් පිපී වේගයෙන් මැළවී යයි. මේ අතර ජූලි මාසයේ කාලගුණය එය සිටුවීමට නොහැකි තරම් උණුසුම් විය.

කෙසේ වෙතත් අවසාන වශයෙන් සැප්තැම්බර් අගදී මම “මගේ දුවගේ” ටියුලිප් කඳන් රෝපණය කළේ ඇය ගැන සිතමින් සහ ප්‍රේමයෙනි. පසෙහි සෑම හෑරීමක් සමගම කඳන් පිළිබඳව මාගේ සැළකිල්ල වැඩි වුනි. පාත්තියට අවසන් සාත්තුව ලබා දෙමින් වසන්තයේදී පිපී එන ටියුලිප් මල් දැකීමේ බලාපොරොත්තුවෙන්
“හොඳින් නිදාගන්න” කියා මම එයට ආශිර්වාදයක්ද කළෙමි.

අප එකිනෙකාගේ “ප්‍රියතමයන්” නොවුනත් එකිනකොට ප්‍රේම කරන්නැයි දෙවියන්වහන්සේ කළ ආරාධනය මගේ කුඩා ව්‍යාපෘතිය නිහතමානීව සිහිපත් කළේය. එකිනෙකාගේ වැරදි “වල් පැළෑටි” අමතක කර දමා වෙනස් වන ගති ඇති විටදී පවා අන් අයට ප්‍රේම කිරීමට දෙවියන්වහන්සේ අපට හැකියාව ලබා දී ඇත. කාලයාගේ ඇවෑමෙන් අපව නොසළකා අන්‍යොන්‍ය ප්‍රේමය පිපෙන්නේය. “නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැන ගන්නවා ඇත” කියා යේසුස්වහන්සේ කී සේක (35 පදය). කෙටි නිවාඩුවකට මගේ දියණිය නැවත පැමිණි සති අන්තයේම දෙවියන් වහන්සේ විසින් කප්පාදු කරන ලද මගේ ටියුලිප් මල් ඊළඟ වසන්තයේදී පිපුණි. “බලන්න පිපී තියෙන්නේ මොනවාද?” කියා මම කීවෙමි. අවසානයේ පිපුණේ මම වෙමි.