ප්‍රසිද්ධ ස්ථානවල සිටින විට නිතරම අන් අය හා සිනහසීමට මාෂියා උත්සාහ කරන්නීය. මිත්‍රශීලි මුහුණක් දැකීමට අවශ්‍ය පුද්ගලයින් වෙත ළඟාවීමට එය ඇයගේ ක්‍රමය වන්නේය. බොහෝ විට ඇයට අව්‍යාජ සිනහවක් ලැබේ. නමුත් මාෂියාට මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්්‍යය කර තිබූ කාලයක මනුෂ්‍යයන්ට තවදුරටත් ඇගේ මුඛය නොපෙනෙන බවත් එම නිසා ඇගේ සිනහව කිසිවෙකුට නොපෙනෙන බවත් ඇය තේරුම් ගත්තාය. එය කණගාටුදායකයි. ඇය සිතුවාය. නමුත් මම නවත්වන්නේ නැහැ. සමහර විට මගේ ඇස් වලින් ඔවුන් මගේ සිනහව දකිනු ඇතැයි ඈ කීවාය.

ඇත්ත වශයෙන්ම එම අදහස පිටුපස විද්‍යාවේ බිඳක් තිබේ. මුඛය දෙපස ඇති මාංශ පේශීන් සහ ඇස් රැළිගස්වන මාංශ පේශීන් එකට වැඩ කරති. එය හඳුන්වන්නේ ඩූවෙන් සිනහවක් ලෙසිනි. එසේම එය “ඇස් වලින් සිනහසීම” ලෙසට විස්තර කර ඇත.

හිතෝපදේශ පොත අපට මතක් කර දෙන්නේ “ඇස්වල එළියෙන් සිත සන්තෝෂ වේ” සහ තුෂ්ටිමත් සිත හොඳ ඖෂයකි” (හිතෝපදේහ 15:30; 17:22) යනුවෙනි. බොහෝ විට දෙවියන්වහන්සේගේ දරුවන්ගේ සිනහව පැන නගින්නේ අප සතු අධිස්වාභාවික ප්‍රීතිය නිසාවෙනි. එය නිතිපතා අපගේ ජීවිතවලට ගලා එන දෙවියන් වහන්සේගේ ත්‍යාගයකි. එසේ වන්නේ බොහෝ බර දරා ගෙන යන මිනිසුන්ව හෝ ජීවිතයේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන අය සමග බෙදා ගෙන ඔවුන්ව දිරිමත් කරන විටදීය. අප පීඩාවන් අත් විඳින විට පවා අප තුළින් ප්‍රීතිය බැබළිය හැකිය.

ජීවිතය අඳුරු යයි පෙනෙන විට ප්‍රීතිය තෝරාගන්න. ඔබේ සිනහව දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ අභිමුඛයේ ආලෝකය පිළිබිඹු කරන කවුළුවක් වේවා.