ජෝන් මුයිර් මාවතේ කඳු නගින්නන් විසින් ගෙන යනු ලබන අත්‍යවශ්‍ය දෑ වන්නේ සැහැල්ලු ආහාර වර්ග, ජල ආරක්‍ෂිත සපත්තු සහ සිතියමක් වේ. ජෝන් මුයිර් ටේ්‍රල් යනු ගංගා හරහාද විල් හා වනාන්තර වටාද කඳුකරයට ඉහළින් අඩි 47,000 ක උන්නතාංශයක්ද ලබා ගන්නා බටහිර එක්සත් ජනපදයේ සැතපුම් 211 ක දුරකි. මෙම මාවතේ ගමන් කිරීමට සති තුනක් පමණ ගත වන හෙයින් අවශ්‍ය දේවල් නියම ප්‍රමාණයෙන් රැගෙන යාම අතීශයින් වැදගත් වන්නේය. ඕනෑවට වඩා ඔබ රැගෙන ගියොත් සියල්ල ගෙන යාමට ඔබට ශක්තිය හීන වන්නේය. අඩුවෙන් ගෙන ගියහොත් ගමනට අවශ්‍ය දේ ඔබට මදිවනු ඇත.

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන් ලෙස අපගේ ගමන හොඳින් නිම කිරීම සඳහා අප ගෙනෙන දේ
පිළිබඳව හොඳින් සළකා බැලිය යුතු වන්නේය. හෙබ්‍රෙව් 12 හි පවසන්නේ “සියලු බරද අප පහසුවෙන් අසු කරන පාපයද ඉවත දැමිය යුතු බවයි”. කතුවරයා අපගේ ජීවිත සංසන්දනය කර ඇත්තේ “අප ඉදිරියෙහි තබා තිබෙන දිවීමකටය”. එම නිසා අපි “ක්ලාන්ත වී වෙහෙස නොවිය යුතු” වන්නෙමු (1-3 පද). පාපයෙන් අධික ලෙස බරවීම හෝ දෙවියන්වහන්සේගේ අරමුණට පරිබාහිර දේවල් වලට අවධානය යොමු කිරීම යනු අනවශ්‍ය බරක් දැරීමකි.

ජෝන් මුයිර් මාවත සඳහා ඇසුරුම් ලැයිස්තු ඇතිවා සේම යේසුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා දෙවියන්වහන්සේ බයිබලයේ අපට උපදෙස් දුන් සේක. දේව වචනයේ ආලෝකයෙන් පරීක්‍ෂා කර බැලීමෙන් අප විසින් ගෙන ඒම සඳහා වටින්නේ කුමණ පුරුදුද සිහින සහ ආශාවන්ද යන්න දැන ගත හැකි වන්නේය. අපි සැහැල්ලුවෙන් ගමන් කරන විට අපට ගමන හොඳින් නිම කළ හැකිය.