අර්ධ මැරතන් තරඟය සඳහා එක්සත් ජනපදයේ වාර්තාව හිමිකර ගෙන ඇත්තේ ඔලිම්පික් ධාවන ශූර රයන් හෝල්ය. සැතපුම් 13.1 (කිලෝ මීටර් 21) ක දුර ප්‍රමාණයක් විශිෂ්ඨ විනාඩි පනස් නවයක් සහ තත්පර හතළිස් තුනකින් ඔහු සම්පූර්ණ කළ අතර ඔහු පැයකට අඩුවෙන් ධාවන තරඟය අවසන් කළ පළමු එක්සත් ජනපද ක්‍රීඩකයාද වූයේය. හෝල් වාර්තාගත ජයග්‍රහණ සමරනු ලැබූවද තරඟයක් නිම කිරීමට නොහැකිව කලකිරීමට පත්ව සිටි අයෙක් ලෙසද ඔහුව හඳුන්වනු ලැබේ.

ජය හා පරාජය යන දෙකම රසවිඳි හෝල් ඔහුව දරා ගෙන යාම ගැන යේසුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල අගය කරන්නේය. ඔහුගේ ප්‍රියතම බයිබල් පදවලින් එකක් වන්නේ “ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය” (24:16) යන හිතෝපදේශ පොතෙහි ඇති දිරිගන්වන මතක් කිරීමයි. මෙම හිතෝපදේශය අපට මතක් කර දෙන්නේ ධර්මිෂ්ඨයන් එනම් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවයක් පවත්වන අය පවා තවමත් අපහසුතා සහ දුෂ්කරතා අත් විඳින බවයි. කෙසේ වෙතත් දුෂ්කරතා මධ්‍යයේ වුවද ඔවුන් දිගටම උන්වහන්සේව සොයන කල නැවත නැගිටීමට ශක්තිය ලබා දීමට දෙවියන්වහන්සේ විශ්වාසවන්තව සිටින සේක.

ඔබට මෑතකදී මහත් බලාපොරොත්තු සුන්වීමක් හෝ අසාර්ථකත්වයක් අත්විඳීමට සිදුව එයින් නැවත නැගිටීමට නොහැකි වේය යන හැඟීමක් ඇතිවී තිබේද? නමුත් දේව වචනය අපව දිරිගන්වන්නේ අපගේ ශක්තිය මත නොරැඳී දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පොරොන්දු මත අපගේ විශ්වාසය දිගටම පවත්වා ගෙන යන ලෙසටයි. අප උන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය තැබීමෙන් මේ ජීවිතයේ අප මුහුණ දෙන එනම් සැළකිය යුතු අරගලයන්ට පවා මුහුණ දීමට දෙවියන්වහන්සේගේ ආත්මය අපට ශක්තිය දෙන බවය (2 කොරින්ති 12:9).