ඇය දොර තදින් වැසුවාය. ඇය නැවතත් දොර තදින් වැසුවාය. මම ගරාජයට ගොස් මිටියක් සවිට අහ ඉස්කුරුප්පු නියනක් ගෙන මගේ දියණියගේ කාමරයට ගියෙමිමි. “දුව. ඔබේ කෝපය පාලනය කිරීමට ඔබ ඉගෙන ගත යුතුයි” සන්සුන්ව ඇයට කීවෙමි. පසුව මම ඇයගේ කාමරයේ දොර ඉවත් කර ගරාජයට ගෙන ගියෙමි. මගේ බලාපොරොත්තුව වූයේ තාවකාලිකව දොර ඉවත් කිරීම ඇයට ආත්ම දමනයෙහි වැදගත්කම මතක් කර දීමට උපකාර වේ යැයි යන්නයි.

හිතෝපදේශ 3:11-12 හි දෙවියන්වහන්සේගේ හික්මවීම පිළිගැනීමට ඥානවන්ත ගුරුවරයා පාඨකයන්ට ආරාධනා කරයි. විනය යන වචනය “නිවැරදි කිරීම” ලෙස පරිවර්තනය කළ හැකිය. යහපත් සහ ප්‍රේමණීය පියෙකු ලෙස විනාශකාරී හැසිරීම් නිවැරදි කිරීමට උන්වහන්සේගේ ආත්මයාණන් සහ ශුද්ධ ලියවිල්ල තුළින් කථා කරන සේක. දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඥාති සබඳතාවයක් වන අතර එය උන්වහන්සේගේ ප්‍රේමයේ මුල් බැස අපගේ යහපත වෙනුවෙන් උන්වහන්සේ ආශා කරන දෙය දක්වයි. සමහර විට එය ප්‍රතිවිපාකයක් ලෙස පෙනේ. සමහර විට අපගේ නොපෙනෙන වැරදි පෙන්වා දීමට දෙවියන්වහන්සේ කෙනෙක්ව පොළඹවන සේක. බොහෝ විට එය අසහනයක් ගෙන දෙන නමුත් දෙවියන්වහන්සේගේ හික්මවීම ත්‍යාගයකි.

නමුත් අපි සෑම විටම එය එසේ නොදකින්නෙමු. ඥානවන්ත මනුෂ්‍යයා අනතුරු ඇඟවූයේ “ස්වාමින් වහන්සේගේ තරවටු කිරීම සුළු කොට නොසිතන්න” (11 පදය) කියාය. සමහර විට අපි දෙවියන්වහන්සේගේ හික්මවීමට භය වන්නෙමු. තවත් විටෙක අපගේ ජීවිතයේ නරක දේ දෙවියන්වහන්සේගේ හික්මවීම ලෙස වැරදියට අර්ථ කථනය කරන්නෙමු. මෙය අපව හික්මවන ප්‍රේමණීය පියෙකුගේ හදවතට වඩා වෙනස් වන්නේ උන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්න වන නිසාත් අපට ප්‍රේම කරන හෙයින් අපව නිවැරදි කරන නිසාත් වන්නේය.

දෙවියන්වහන්සේගේ හික්මවීමට බිය වෙනවා වෙනුවට එය පිළිගැනීමට අපි එකඟ වෙමු. දෙවියන් වහන්සේගේ නිවැරදි කිරීමේ හඬ අපගේ හදවත් තුළට ඇසෙන විට හෝ දේව වචනය කියවීමේදී ඒත්තු ගැන්වීම අත් විඳින විට හෝ හොඳම දේ කරා අපව ගෙන යාමට තරම් දෙවියන්වහන්සේ අප ගැන ප්‍රසන්න වීම ගැන අපි උන්වහන්සේට ස්තුති කරමු.