කැරිබියානු දුපතක් වන එලියුතෙරා හී මිනිසා විසින් සාදන ලද පාලමක් මත හිඳ අත්ලාන්තික් සාගරයේ තද නිල් පැහැති ජලය සහ කැරිබියානු මුහුදේ කොළ පැහැයට හුරු නීල වර්ණය ඇති සන්සුන් ජලය අතර ඇති වෙනස නරඹන්නන්ට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙන්නේය. කාලයාගේ ඇවෑමෙන් ඒ ස්ථානයට හැමූ කුණාටු නිසා ස්වාභාවික ගල් ආරුක්කුවකින් සළකුණු කරනු ලැබූ මුල් බිම් කොටස සේදී ගොස් ඇත. එලියුතෙරාහී සංචාරක ආකර්ශණයක් වූ වීදුරු ජනේල පාලම දැන් හැඳින්වෙන්නේ “පෘථිවියේ පටුම ස්ථානය” ලෙසිනි.

සදාකාල ජීවනයට යන මාර්ගය පටු බවත් “ඒක සම්බ වන්නේ ස්වල්ප දෙනෙක්ට” බවත් බයිබලය විස්තර කරන්නේය (මතෙව් 7:14). දොරටුව කුඩා යයි සළකනු ලබන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඇද වැටුණු මිනිසා සහ පියාණන් වහන්සේ වන දෙවියන්වහන්සේව සමගි කළ හැකි එකම පාලම වන්නේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් වහන්සේට වන බැවිනි (13-14 පද; යොහන් 10:7-9, 16:13 බලන්න). කෙසේ වෙතත් දේව වචනයේ සඳහන් වන්නේ සෑම මනුෂ්‍ය වර්ගයකින්ම, සැම ජාතියකින්ම හා සෑම සමාජීය තරාතිරමකම සිටින ඇදහිලිවතුන්ට ස්වර්ගයට ඇතුල් විය හැකි බවත් උන්වහන්සේගේ සිංහාසනය වටා එකට නමස්කාර කළ හැකි බවත්ය (එළිදරව් 5:9). එකිනෙකට වෙනස් හා එඑකමුතුකමේ මෙම අතිවිශිෂ්ඨ ප්‍රතිරූපයට දෙවියන්වහන්සේගේ අලංකාරය ලෙස විවිධාකාරවූ මිනිසුන් ඇතුළත් වේ.

අපගේ පාප නිසා අපි දෙවියන්වහන්සේගෙන් වෙන්ව සිටියද ක්‍රිස්තුස්වහන්සේ සමග පුද්ගලික සබඳතාවයක් මගින් මෙම සමගි කිරීමේ පටු මාවතේ ගමන් කර ස්වර්ගයේ සදාකාලයට ඇතුල් වන ලෙසට දෙවියන් වහන්සේ විසින් මවනු ලැබූ සෑම කෙනෙක්ටම ආරාධනා කරනු ලැබේ. සැමට ප්‍රවේශ විය හැකි සහ අද සහ සෑම දිනකත් බෙදා ගැනීමට වටිනා ශුභාරංචිය වන්නේ උන්වහන්සේගේ කුරුස පූජාවද සොහොනින් නැවත නැගිටීමද ස්වර්යට නැගීමද වන්නේය.