රට වසා තිබුණු වසංගත කාලයේදී ජෙරීට තමාගේ ව්‍යයාම් මධ්‍යස්ථානය වසා දැමීමට සිදුවුන නිසා මාස ගණනකට ඔහුට ආදායමක් නොතිබුණි. එක් දිනක් තමාගේ මධ්‍යස්ථානයේදී සවස 6.00 ට තමාව මුණ ගැසෙන ලෙසට මිතුරෙක්ගෙන් ඔහුට පණිවුඩයක් ලැබුණි. ඒ ඇයි කියා ජෙරීට නොතේරුණත් ඔහු එහි ගියේය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් මෝටර් රථ බොහෝමයක් රථ ගාලට පැමිණියේය. පළමු රථයේ රියැදුරා ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ කූඩයක් තැබීය. ඉන්පසු මෝටර් රථ බොහෝමයක් (පනහක් පමණ) පැමිණියහ. මෝටර් රථ තුළ සිටි අය ජෙරීට අත වනමින්ද ආයුබෝවන් කියමින්ද කූඩය අසළ නතර කර කාඩ්පතක් හෝ මුදල් කූඩයට දැමූහ. සමහරු තම මුදල් පරිත්‍යාග කළහ. සියල්ලෝම ඔහුව ධෛර්්‍යයමත් කිරීමට කාලය ලබා දුන්හ.

අපෝස්තලු පාවුල් පවසන පරිදි ප්‍රේමයේ සැබෑ ස්වභාවය පූජා කිරීමකි. ඔහු කොරින්තිවරුන්ට පැහැදිළි කළේ මැසිඩෝනියානුවන් “ඔවුන්ගේ හැකියාවෙන් ඔබ්බට” ලබා දුන් නිසා ඔවුන්ට අපෝස්තලුවරුන්ගේ සහ වෙනත් අයගේ අවශ්‍යතාවයන් සපුරා ලීමට හැකි වූ බවයි (2 කොරින්ති 8:3). ඔවුන්ට සහ දෙවියන් වහන්සේගේ සෙනගට දීමට අවස්ථාව ලබා දෙන ලෙසට ඔව්හු පාවුල් තුමාගෙන් “බැගෑපත්ව” ඉල්ලා සිටියහ. ඔවුන්ගේ දීමට පදනම් වූයේ යේසුස්වහන්සේගේම පූජා වීමේ හදවතයි. උන්වහන්සේ ස්වර්ගයේ ධනය අත්හරිමින් පොළොවට පැමිණියේ සේවකයෙක් වන්නත් උන්වහන්සේගේම ජීවිතය දෙන්නත්ය.
“උන්වහන්සේ ධනවන්තව සිටිය නමුත් …. (අප) උදෙසා දිළිඳු වූ සේක” (9 පදය).

අන් අයගේ අවශ්‍යතා ආදරයෙන් සපුරාලීම සඳහා “දීමේ වරප්‍රසාදයෙහි විශිෂ්ඨ” වන පිණිස අපිත් දෙවියන් වහන්සේගෙන් අයැද සිටිමු.