අපේ පුතා දරුකමට හදා ගැනීමට පෙර ඔහුගේ ජීවිතයේ මුල් කාලය ළමා නිවාසයක ගෙවුණි. සින්ඩර්බ්ලොක් ගොඩනැගිල්ලෙන් නිවසට යාමට පෙර ඔහුගේ බඩුබාහිරාදිය එකතු කර ගන්නා ලෙසට කිවෙමු. කණගාටුවට කරුණක් වූයේ ඔහුට කිසිවක් නොතිබීමයි. අපි ඔහු වෙනුවෙන් ගෙනා අලුත් ඇඳුම් මාරු කළ අතර අනික් ළමුන්ටත් ඇඳුම් කිහිපයක් ඉතිරි කළෙමු. ඔහු සතුව තිබූ ස්වල්පය ගැන මා දුක් වූවත් ඔහුගේ ශාරිරික සහ චිත්තවේගී අවශ්‍යතා සපුරාලීමට අපට දැන් උපකාර කළ හැකි වීම ගැන මම සතුටු වූයෙමි.

අවුරුදු කිහිපයකට පසු එක්තරා පුද්ගලයෙක් අවශ්‍යතා ඇති පවුල්වලට ආධාර ඉල්ලා සිටිනවා අපි දුටුවෙමු. මගේ පුතා ඔහුගේ සෙල්ලම් බඩු සහ කාසි කිහිපයක් පරිත්‍යාග කිරීමට උනන්දු වූයේය. ඔහුගේ පසුබිම අනුව තම බඩුබාහිරාදිය තමන්ගේම යයි කියා තබා ගැනීමට ඔහු වැඩි නැඹුරුවක් දක්වාවි යයි සිතිය හැකිය.

පුතාගේ ත්‍යාගශීලි ප්‍රතිචාරයට හේතුව මුල් සභාවට සමාන යයි මම සිතීමට කැමැත්තෙමි. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔවුන් සියල්ලන් තුළ බලවත් ලෙස ක්‍රියා කළ නිසා ඔවුන් අතර සිටි කිසිවෙකුට හිඟකමක් නොතිබුණි (ක්‍රියා 4:33-34). එකිනෙකාගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ජනතාව කැමැත්තෙන්ම දේපළ විකුණූහ.

ද්‍රව්‍යමය දෙයක් හෝ සියුම් දෙයක් හෝ වේවා අන් අයගේ අවශ්‍යතා පිළිබඳව අප දැනුවත්ව සිටින විට ඔවුන් කළාක් මෙන් අවශ්‍යතාවයෙන් යුත් අය වෙනුවෙන් අපගේ හදවතින්ම කැමැත්තෙන්ම ප්‍රතිචාර දැක්වීමට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය බලවත් ලෙස අප තුළ ක්‍රියා කෙරේවා. මෙය අපව යේසුස්වහන්සේ තුළ
“එක සිතකින් සහ එක ආත්මයකින්” (32 පදය) සිටින ඇදහිලිවතුන් කරන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ භාජන වන්නෙමු.