හමුදා කුමන්ත්‍රණයකදී සෑම්ගේ පියාට දිවි බේරා ගැනීමට පලා යන්නට සිදු වුනි. හදිසියේම ආදායම අහිමි වීම නිසා සෑම්ගේ සහෝදරයා ජීවතුන් අතර තබා ගැනීමට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම තවදුරටත් පවුලට දරා ගත නොහැකි වුනි. දෙවියන්වහන්සේ කෙරෙහි කිපෙමින් “මෙසේ වීමට අප කළේ කුමක්ද?” කියා සෑම් සිතුවේය.

යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකුට පවුලේ කරදර ගැන අසන්න ලැබුණේය. දී ඖෂධ මිළදී ගැනීමට තමා සතුව මුදල් ඇති බව දැන ගත් ඔහු එම ඖෂධ ප්‍රමාණයක් මිළ දී ගෙන ඔවුන් වෙත ගියේය. ආගන්තුකයෙක් ගෙන් ලැබූ ජීවිතාරක්‍ෂක ත්‍යාගය ප්‍රබල බලපෑමක් ඇති කළේය. “මේ ඉරුදින අපි මේ තැනැත්තාගේ දේවස්ථානයට යමු” කියා ඔහුගේ මව ප්‍රකාශ කළාය. සෑම්ගේ කෝපය පහව යන්නට පටන් ගත්තේය. අවසානනයේදී පවුලේ එක එක සාමාජිකයා යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවේය.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල සමග එකතුව අවංක කමෙන් යුත් ජීවිත රටාවක අවශ්‍යතාවය පෙන්නුම් කරමින් අන් අය ගැන සැළකිලිමත් වීමේ අවශ්‍යතාවයය යාකොබ් ලීවේය. “සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් කෑම නැතුව සිටිද්දී් නුඹලාගෙන් යමෙක් ම්සමාදානයෙන් යන්න. උණුහුම් වෙන්න. කෑම කා තෘප්තියට පැමිණියල්ලා යයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම් මොන ප්‍රයෝජනයක්ද?” කියා යාකොබ් ලිවීය (2:15-16).
අපගේ ක්‍රියාවන් අපගේ ඇදහිල්ලේ සත්‍යභාවය පෙන්නුම් කරයි. සැළකිය යුතු කරුණක් නම් එම ක්‍රියාවන්ට අන් අයගේ ඇදහිල්ල තෝරා ගැනීම කෙරෙහි බලපෑම් කළ හැකිය. සෑම් සම්බන්ධයෙන් ගත් කළ ඔහු සභා පාලක කෙනෙක් මෙන්ම සභා පිහිටුවන්නෙක් බවට පත් විය. අවසානයේදී ඔහු තම පවුලට උපකාර කළ පුද්ගලයාව “පපා මේප්ස්” ලෙස හැඳින්වූයේය. යේසුස්වහන්සේගේ ප්‍රේමය ගැන ඔවුන්ට පෙන්වා දුන් මෙම පුද්ගලයාව තම ආත්මික පියා ලෙස සෑම් දැන් පිළිගත්තේය.