මගේ හොඳම මිතුරිය සමග දිවා ආහාරයෙන් පසුව මම නිවසට යන විට ඇය වෙනුවෙන් දෙවියන් වහන්සේට හඬ නගා ස්තුති කළෙමි. ඇය මා ගැන දන්නීය. මා ගැන මම ආදරය නොකරන දේ තිබියදීත් ඇය මට ප්‍රේම කරන්නීය. මාගේ අසාමාන්‍ය ගති පැවතුම්, පුරුදු සහ වරදින තැන් තිබුණද ඇය මාව ඒ ආකාරයෙන්ම පිළිගන්නා කුඩා කණ්ඩායමේ කෙනෙකි. ඇය සහ මම ප්‍රේම කරන අනෙක් අයද සමග බෙදා ගැනීමට මම ප්‍රතික්‍ෂේප කරන කොටස් මගේ කථාවේ තවමත් තිබේ. එනම් මම පැහැදිළිවම වීරයා නොවුනු අවස්ථා, මම විනිශ්චනය කළ හෝ අකාරුණික වූ හෝ ප්‍රේම නොකළාවූ හෝ අවස්ථාවන්ය.

නමුත් දෙවියන්වහන්සේ මගේ මුලු කථාවම දන්නා සේක. අන් අය සමග කථා කිරීමට මම පසුබට වූවත් මට නිදහසේ කථා කළ හැකි එකම තැනන්වහන්සේ උන්වහන්සේය.

ගීතාවලිය 139 හි හුරුපුරුදු වචන වලින් අපගේ පරමාධිපති රජු සමග අප භුක්ති විඳින සමීප සම්බන්ධතාවය විස්තර කරන්නේය (1 පදය). උන්වහන්සේ “අපගේ සියලු මාර්ග දන්නා සේක” (3 පදය). අපගේ ව්‍යකුලත්වය, කණස්සල්ලට පත්වන සිතුවිලි සහ පරීක්‍ෂාවන් සමග තිබෙන අරගලයන් සමග උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙසට උන්වහන්සේ අපට ඇරයුම් කරන සේක. අප උන්වහන්සේට සම්පූර්ණයෙන් යටත් වන විට උන්වහන්සේ අපව නැවත ගොඩනගා අපි උන්වහන්සේගෙන් ඉවත්ව ගිය නිසා අපව වේදනාවට පත් කළ අපගේ කථාවේ කොටස් නැවත ලියන සේක.

වෙන කිසිවෙකුටත් වඩා හොඳින් දෙවියන්වහන්සේ අපව දන්නා සේක. එහෙත් තවමත් උන්වහන්සේ අපට ප්‍රේම කරන සේක. අප දිනපතාම උන්වහන්සේට යටත්වී උන්වහන්සේව වඩාත් හොඳින් දැන ගැනීමට සොයන විට අපගේ කථාව උන්වහන්සේගේ මහිමය වෙනුවෙන් වෙනස් කිරීමට උන්වහන්සේට පුලුවන. දිගටම ලියන කතුවරයා උන්වහන්සේය.