1907 දෙසැම්බර් 7 වන දින එක්සත් ජනපද බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ ගල් අඟුරු කැණීම් කර්මාන්ත ඉතිහාසයේ කුඩා ප්‍රජාවකගේ දරුණුතම ව්‍යසනයක් ඇති කළේ පුපුරා යාමක් හේතුවෙනි. පතල් කම්කරුවන් 360 ක් පමණ මරණයට පත්වූ අතර මෙම බිහිසුණු ඛේදවාචකයෙන් වැන්දඹුවන් 250 ක් සහ පියවරුන් නොමැති දරුවන් 1000 ක් පමණද ඉතිරි වන්න ඇතැයි ගණන් බලා තිබේ. ඉතිහාසඥයන්ගේ මතය වන්නේ අනුස්මරණ දේව සේවය එක්සත් ජනපදයේ පියවරුන්ගේ දිනය සැමරීමට පදනම් වූ බවය. විශාල අහිමි වීමක් තුළින් පැමිණී සිහි කිරීම අවසානයේ සැමරීමකට පරිවර්තනය වුනි.

මිනිස් ඉතිහාසයේ විශාලතම ඛේදවාචකය වූයේ මිනිසා තම මැවුම්කරුවා කුරුසියේ ඇණ ගසනු ලැබීමෙනි. නමුත් එම අඳුරු මොහොත සිහිපත් කිරීම සහ සැමරුම යන දෙකම ඇති කළේය. යේසුස්වහන්සේ කුරුසියට යෑමට පෙර රාත්‍රියේ ඉශ්‍රායලයේ පාස්කු උත්සවයේ ද්‍රව්‍ය රැගෙන උන්වහන්සේගේම අනුස්මරණ උත්සවයක් නිර්මාණය කළ සේක. ලූක්ගේ වාර්තාවෙහි එම දර්ශනය විස්තර කරන්නේ මේ ආකාරයටය : “උන්වහන්සේ රොටී ගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරයය. මා සිහි කිරීම පිණිස මේක කරන්නයයි කී සේක” (ලූක් 22:19).

අද දක්වාම අපිත් සහභාගීකම පවත්වන සෑම අවස්ථාවකම උන්වහන්සේ අප කෙරෙහි ඇති ඉමහත් නොවරදින ප්‍රේමයට ගරු කරමින් අපව ගළවා ගැනීමේ මිළයද උන්වහන්සේගේ පූජාව තුළින් බිහි කළ ජීවන ත්‍යාගයද සිහිකරමින් සමරන්නෙමු. චාර්ල්ස් වෙස්ලි සිය බලවත් ගීතිකාවෙන් පැවසු පරිදි “විශ්මය ජනක ප්‍රේමය! මාගේ දෙවියන්වහන්ස ඔබ මා වෙනුවෙන් මැරෙන්නේ කෙසේද?”