රතිඤ්ඤා වැනි ශබ්දයක් ජොඈන්ව නින්දෙන් අවදි කළාය. වීදුරු සුනුවිසුණු වී තිබුණි. ඇය තනිවම ජීවත් නොවුනා නම් යෙහෙකැයි සිතමින් සිදුවන්නේ කුමක්දැයි බැලීමට ඇය නැගිට්ටාය. අඳුරු වීථී හිස් වු අතර තමාගේ නිවස හොඳිින් තිබෙනවා මෙන් පෙණුනි. ඉන්පසුව ඇය කැඩුණු කැඩපත දුටුවාය.

පරීක්‍ෂකයන් විසින් අඟල් භාගයක පමණ උණ්ඩයක් ගෑස් නලය තුළින් සොයා ගන්නා ලදී. එය ගෑස් බටයට විවැදුණේ නම් සමහර විට ඇය ජීවත් නොවන්න ඉඩ තිබුණි. පසුව ඔවුන් සොයා ගත්තේ එය අසළ ඇති මහල් නිවාසවලින් පැමිණි එකක් බවයි. නමුත් දැන් ජොඈන් නිවසේ සිටීමට බිය වුවාය. ඇය සමාදානය ඉල්ලා යාච්ඤා කළ අතර වීදුරු කැබළි ඉවත් කර නිවස පිටිසිදු කිරීමෙන් පසු ඇයගේ සිත සන්සුන් වුනි.

කරදර කාලයන්හිදී දෙවියන්වහන්සේ වෙත බැලීමට ගීතාවලිය 121 අපට මතක් කර දෙන්නේය. එම නිසා අපට සමාදානය සහ සන්සුන් බව අපට ලබා ගත හැකි වන්නේ “මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමින්ගෙන්ම” නිසාය (2 පදය). විශ්වය මැවූ දෙවියන්වහන්සේ අපට උපකාර කරමින් අප නිදා සිටිද්දී පවා අපව රැක බලා ගන්නා සේක (3 පදය). නමුත් උන්වහන්සේ කිසි විටෙකත් නිදා නොගන්නා සේක (4 පදය). උන්වහන්සේ දිවා රෑ දෙකෙහිම (6 පදය) “දැන් පටන් සදාකාලයටම” අපව රැක බලා ගන්නා සේක (8 පදය).

අප කුමණ ආකාරයේ තත්ත්වයකට මුහුණ දුන්නත් දෙවියන්වහන්සේ එය දකින සේක. අප උන්වහන්සේ වෙතට හැරෙන තුරු උන්වහන්සේ බලා සිටින සේක. අප එසේ කරන විට අපේ තත්ත්වය සෑම විටම වෙනස් නොවිය හැකි නමුත් ඒ සියල්ල මධ්‍යයේ උන්වහන්සේ තම සමාදානය පොරොන්දු වන සේක.