ස්කොට්ලන්ත මිෂනාරී ඇලෙක්සැන්ඩර් ඩෆ් 1830 දී ඉන්දියාවට ගිය පළමු ගමනේදී ඔහුගේ නැව දකුණු අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් කුණාටුවකට හසුවී මුහුදු බත් විය. ඔහු සහ ඔහුගේ සෙසු මගීන් කුඩා පාළු දූපතකට ළඟා වූහ. ටික වේලාවකට පසු කාර්ය මණ්ඩලයේ එක් අයෙක් ඩෆ්ට අයත් බයිබලයේ පිටපතක් වෙරළට ගසා ගෙන ගොස් තිබී සොයා ගන්නා ලදී. පොත වේලුණු පසු ඩෆ් දිවි ගළවා ගත් අයට ගීතාවලිය 107 කියවූ අතර ඔව්හු එයින් ධෛර්්‍යය උපදවා ගත්හ. අවසානයේදී ගළවා ගැනීමකින් සහ තවත් මුහුදුබත් වීමකින් පසුව ඩෆ් ඉන්දියාවට පැමිණියේය.

දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ව ගළවා ගත් ආකාරයන් සමහරක් ගීතාවලිය 107 හි සඳහන් කර තිබේ. ඩෆ් සහ ඔහුගේ නැව් සගයන් මේවා හඳුනාගෙන සැනසීමක් ලබා ගත් බවට සැකයක් නැත. “උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවන සේක. එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂ වෙති. උන්වහන්සේද රිසිවූ වරයාට ඔවුන් පමුණුවන සේක” (29-30 පද). ඉශ්‍රායෙල්වරුන් මෙන් ඔවුන්ද
“ස්වාමින්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තූති කළහ” (31 පදය).

ගීතාවලිය 107:28-30 ට සාමාන්තර පද අලුත් ගිවිසුමේද (මතෙව් 8:23-27; මාර්ක් 4:35-41) අපට පෙනේ. දරුණු කුණාටුවක් ආරම්භ වන විට යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයෝ මුහුදේ බෝට්ටුවක සිටියහ. උන්වහන්සේගේ ගෝලයන් බියෙන් කෑ ගැසු අතර මාංසයේ දෙවියන්වහන්සේ වන යේසුස්වහන්සේ මුහුද සන්සුන් කළ සේක. අපටත් ධෛර්්‍යය ලබා ගත හැකිය. අපගේ බලවත් දෙවියන්වහන්සේ සහ ගැළවුම් කරුවාණන් අපගේ හඬ ගැසීම අසා ප්‍රතිචාර දක්වමින් අපගේ කුණාටු මධ්‍යයේ අපව සනසන සේක.