ගොවියා තම ට්‍රක් රථයට නැගී උදෑසන භෝග පරීක්‍ෂා කිරීම ආරම්භ කළේය. වත්තේ කෙළවරට ළඟා වූ විට ඔහුගේ රුධිරය රත් වීමට පටන් ගත්තේය. යමෙක් නීති විරෝධී ලෙස ඔවුන්ගේ කුණු කසළ නැවත වරක් එහි දමා තිබුණි.

ට්‍රක් රථයට වීසි කරන ලද ආහාර කැබලි සහිත මලු පටවද්දී ගොවියාට ලියුම් කවරයක් හමු වුනි. එහි වරදකරුගේ ලිපිනය මුද්‍රණය කර තිබුණි. මෙන්න නොසළකා හැරිය නොහැකි තරම් හොඳ අවස්ථාවක්. එදින රාත්‍රියේ ඔහු වරදකරුගේ නිවසට ගොස් ඔහුගේ වත්ත මෙම කුණුකසල වලින් පමණක් නොව තමන්ගේම කුණු වලින්ද පිරෙව්වේය.

පළිගැනීම මිහිරිය කියා සමහරු කියති. නමුත් එය නිවැරදිද? 1 සාමුවෙල් 24 දී දාවිත් සහ ඔහුගේ මිනිසුන් මිනීමරු සාවුල් රජුගෙන් බේරීම සඳහා ගුහාවක සැඟවී සිටියහ. සහනයක් ලබා ගැනීම සඳහා සාවුල්ද එම ගුහාව තුළට ගිය විට දාවිත්ගේ පළිගැනීම සඳහා නොසළකා හැරිය නොහැකි හොඳ අවස්ථාවක් දාවිත්ගේ මිනිසුන් දුටුවෝය (3-4 පද). එහෙත් දාවිත් සමාන වීමට තිබූ ආශාවට එරෙහි වුයේය. “ස්වාමින් වහන්සේ මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් මා වළක්වන සේක” (6 පදය). දාවිත් තම ජිවිතය බේරා දීමට තෝරා ගත් බව සාවුල් දැන ගත් විට ඔහුට එය අදහා ගත නොහැකි වුනි. “ඔබ මට වඩා ධර්මිෂ්ඨය” (17-18 පද) ඔහු කීවේය.

අප හෝ අපගේ ප්‍රෙමණියයන් අයුක්තියට මුහුණ දෙන විට වරදකරුවන්ගෙන් පළිගැනීමේ අවස්ථාවන් උදා විය හැකිය. ගොවියා කළාක් මෙන් අපි එම ආශාවන්ට ඉඩ දෙන්නෙමුද නැතහොත් දාවිත් මෙන් එයට විරුද්ධ වන්නෙමුද? පළිගැනීමට වඩා අපි ධර්මිෂ්ඨකම තෝරා ගන්නෙමුද?