ඇය මාව දකින්න කලින් මම කාමරයකට රිංගා ගත්තෙමි. සැඟවී සිටීම ගැන මම ලැජ්ජා වූයෙමි. නමුත් ඇය සමග ඒ මොහොතේවත් කවදාක්වත් කටයුතු කිරීමට මම කැමති නොවූයෙමි. මගේ කැමැත්ත වූයේ ඇයට තදින් කථා කර ඇයව ඇගේ තැනේ තබා ගැනීමයි. ඇගේ අතීත හැසිරීම නිසා මා කෝපයට පත් වුවද මම ඇයව ඊටත් වඩා කුපිත කර ඇත්තෙමි.

යුදෙව්වන් සහ සමාරියයන්ද අන්‍යොන්‍ය වශයෙන් කෝපයට පත් වන සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබුණි. මිශ්‍ර සමාජයක් ඇති මෙන්ම ඔවුන්ගේම දෙවිවරුන්ට නමස්කාර කරන ජනතාවක් වූ සමාරියයන් ගෙරිසම් කන්ද මත සතුරු ආගමක් ගොඩනැගීමෙන් යුදෙව්වන්ගේ ඇස් ඉදිරියෙහි යුදෙව් පරම්පරාව සහ ඇදහිල්ල විනාශ කර තිබුණි (යොහන් 4:20). ඇත්ත වශයෙන්ම යුදෙව්වන් සමාරියයන් කෙතරම් හෙළා දුටුවාද කිවහොත් රට හරහා සෘජු මාර්ගයකින් ගමන් නොකර බොහෝ දුරක් ගෙවා යාමට කැමැත්තක් දැක්වූහ.

යේසුස්වහන්සේ ඊට වඩා යහපත් මාර්ගයක් හෙළි කළ සේක. උන්වහන්සේ සමාරියයන් ඇතුළුව සියලුම මිනිසුන්ට ගැළවීම ගෙන ආ සේක. එබැවින් උන්වහන්සේ පව්කාර ස්ත්‍රියකට සහ ඇගේ නගරයට ජීවමාන ජලය ගෙන ඒම සඳහා සමාරියය මධ්‍යයට යාමේ අවදානම ගත් සේක (4-42 පද). උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ දුන් අවසාන වචන නම් උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමටයි. යෙරුසලමේ සිට සමාරියය පුරා විසිරී “පොළොවේ සීමාව දක්වා” ඔවුන් උන්වහන්සේගේ ශුභාරංචිය සෑම කෙනෙක් සමගම බෙදා ගත යුතු විය (ක්‍රියා 1:8). සමාරියය ඊළඟ භූගෝලීය පිලිවෙලට වඩා වැඩිය. ඔවුන් ප්‍රේම නොකළ ජනතාවක් සමග මුළු ජීවිත කාලයම අගතියෙන් සිටීමට ගෝලයන්ට සිදු වුනි.

අපගේ දුක්ගැනවිලි වලට වඩා යේසුස්වහන්සේ අපට වටින්නේද? සහතික වීමට ඇත්තේ එක් මාර්ගයක් පමණි. ඔබගේ “සමාරිතයානුවාට” ප්‍රේම කරන්න.