මම වෙනත් රටක නිවාඩුවක් ගත කරමින් සිටියදී ගැට කපන්නෙක් මගේ දේපළ කොල්ලකෑමට උත්සාහ කළ විට මට එය පුදුමයක් නොවීය. උමං මාර්ග සොරුන්ගේ උවදුරු ගැන මම අනතුරු ඇඟවීම් කියවා තිබුණි. එම නිසා මාගේ මුදල් පසුම්බිය ආරක්‍ෂා කර ගැනීමට කුමක් කළ යුතුදැයි මම දැන ගෙන සිටියෙමි. නමුත් එසේ වේ යැයි මම කිසිසේත් බලාපොරොත්තු නොවූයෙමි.

වාසනාවකට මෙන් මගේ මුදල් පසුබිය උදුරා ගත් තැනැත්තාට ලිස්සන සුළු ඇඟලි තිබූ බැවින් එය බිමට වැටුණු නිසා මට එය නැවත ලබා ගැනීමට හැකි වුනි. නුමුත් එම සිද්ධිය මට මතක් කළේ අනතුරු ඇඟවීම් වලට මා අවනත විය යුතු බවයි.

අනතුරු ඇඟවීම් මත ජීවත් වීමට අපි කැමති නොවන්නේ ඒවා ජීවිතය සතුටින් ගෙවන්නට බාධාවක් වේ යයි අප සිතන නිසාවෙනි. නමුත් ඒවා කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වන්නේය. නිදසුනක් වශයෙන් පැමිණෙන්නාවු දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ප්‍රකාශ කිරීම සඳහා තම ගෝලයන් යවන අතර තුර යේසුස්වහන්සේ අපට පැහැදිළි අනතුරු ඇඟවීමක් කළ සේක (මතෙව් 10:7). “එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහිදී මමත් ඔහු අඳුනමියි කියන්නෙමි. නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත් ඔහු නාඳුනමියි කියන්නෙමි” (32-33 පද) යනුවෙන් උන්වහන්සේ පැවසූ සේක.

අපට තෝරා ගැනීමක් තිබේ. ප්‍රේමයෙන් යුතුව දෙවියන්වහන්සේ ගැළවුම්කරුවෙක් සහ සදාකාලයටම උන්වහන්සේගේ අභිමුඛයෙහි සිටින්ට අපට සැළසුමක් ලබා දුන් සේක. නමුත් අපි දෙවියන්වහන්සේගෙන් ඈත්වී උන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩය සහ උන්වහන්සේ දැන් සහ සදාකාලයටම ලබා දෙන සැබෑ ජීවිතය ප්‍රතික්‍ෂේප කිරීමට තීරණය කළ හොත් උන්වහන්සේ සමග සිටීමට ඇති අවස්ථාව අපට අහිමි වන්නේය.

අපට ප්‍රේම කරන සහ අපව සෑදූ තැනන්වහන්සේගෙන් සදාකාලිකව වෙන්වීමෙන් අපව ගළවා ගැනීමට තෝරා ගත්තාවූ තැනන්වහන්සේ වන යේසුස්වහන්සේව විශ්වාස කරමු.