පවුලේ සාමාජිකයෙක්ගේ දරුණු ආහාර අසාත්මිකතාවන්ට වෛද්‍ය ප්‍රතිකාර වලින් යම් සහනයක් ලැබෙන්න පටන් ගත් විට මම ඒ ගැන කෙතරම් කලබල වුනාද කිවහොත් නිතරම ඒ ගැන කථා කළෙමි. මම මෙම දැඩි ක්‍රියාවලිය විස්තර කළ අතර මෙම කාර්්‍යය සැළැස්ම නිර්මාණය කළ වෛද්‍යවරයාටද ප්‍රශංසා කළෙමි. අවසානයේදී සමහර මිතුරන් අදහස් දක්වමින් “සුව කිරීමේ ගෞරවය සෑම විටම දෙවියන්වහන්සේට ලබා දිය යුතුයි” කියා කීහ. ඔවුන්ගේ ප්‍රකාශය මාව නතර කළේය. මම අවසාන සුවකරන්නාගෙන් මගේ ඇස් ඉවතට ගෙන සුවය රූප නමස්කාරයක් කර ගත්තෙම්ද?

දෙවියන්වහන්සේ ඔවුන්ව සුව කිරීම සඳහා භාවිතා කළ පිත්තල සර්පයකුට සුවඳ දුම් ඇල්ලීමට පටන් ගත් විට ඉශ්‍රායෙල් ජාතියද එවැනි උගුලකට හසුවුනි. හෙසකියා එය රූප වන්දනාවක් ලෙසට හඳුනා ගෙන ිසු
“මෝසෙස් විසින් සෑදු පිත්තල සර්පයාත් කැබලි කොට” දමන තුරු ඔවුන් මෙම නමස්කාර ක්‍රියාව සිදු කරමින් සිටියහ (2 රාජාවලිය 18:4).

ශත වර්ෂ ගණනාවකට පෙර විෂ සහිත සර්පයන් පිරිසක් ඉශ්‍රායෙල් කඳවුර ආක්‍රමණය කර තිබුණි. සර්පයන් මිනිසුන්ට දෂ්ට කළ අතර බොහෝ දෙනෙක් මිය ගියහ (ගණන් කථාව 21:6). අධ්‍යාත්මික කැරැල්ල නිසා ගැටළුව ඇති වුවද ජනයා උපකාරය ඉල්ලා දෙවියන්වහන්සේට මොර ගැසූහ. දයාව පෙන්වමින් දෙවියන් වහන්සේ පිත්තල සර්පයෙක් මූර්ති කර පොල්ලක සවි කර සියල්ලන්ට පෙනෙන පරිදි අල්ලා ගෙන සිටින ලෙසට මෝසෙස්ට නියම කළ සේක. ජනයා ඒ දෙස බැලූ විට ඔවුහු සුවය ලැබූහ (4-9 පද).

දෙවියන්වහන්සේ ඔබට දුන් ත්‍යාගයන් ගැන සිතන්න. උන්වහන්සේගේ දයාව හා කරුණාව පිළීබඳ සාක්‍ෂි වෙනුවට එවැනි දේවලින් කිසිවක් ප්‍රශංසාවට ලක්වී තිබේද? නමස්කාරයට සුදුසු වන්නේ සෑම යහපත් ත්‍යාගයකම මූලාශ්‍රය වන අපගේ ශුද්ධවූ දෙවියන්වහන්සේ පමණයි (යාකොබ් 1:17).