පුරාණ රෝමයට තමන්ගේම “ශුභාරංචියේ” අනුවාදයක් තිබුණි. වර්ජිල් කවියාට අනුව දෙවිවරුන්ගේ රජවූ සීයුස් රෝමවරුන්ට අවසානයක් හෝ සීමාවක් හෝ නැති රාජ්‍යයක් නියම කර තිබුණි. දෙවිවරු ඔගස්ටස්ව දිව්‍ය පුත්‍රයා සහ ලෝකයේ ගැළවුම්කරුවා ලෙස තෝරා ගෙන තිබුණේ සාමයේ සහ සමාද්ධියේ ස්වර්ණමය යුගයක් උදා කරමිනි.

කෙසේ වෙතත් මෙය සෑම කෙනෙක්ගේම ශුභාරංචිය පිළිබඳ අදහස නොවේ. බොහෝ දෙනෙකු අකමැති වූවත් එය අධිරාජයාගේ හමුදාවේ සහ ඝාතකයන්ගේ දැඩි හස්තයේ බලයෙන් කළ ක්‍රියාවකි. අධිරාජ්‍යයේ මහිමය ගොඩ නැගුණේ තමන්ගේම පෞරුෂයක් හෝ දේපළක් හෝ නොමැතිව ස්වාමිවරුන්ගේ අභිමතය පරිදි සේවය කළ වහලුන්ගේ පිට මතිනි.

පාවුල් ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෙක් ලෙසට තමන්ව හඳුන්වා දුන් ලෝකය මෙයාකාර විය (රෝම 11:1). යේසුස් – වරක් පාවුල් තුමා එම නාමයට කෙතරම් වෛර කළේද! යුදෙව්වන්ගේ රජු සහ ලෝකයේ ගැළවුම් කරුවාණන් බව පිළිගැනීම නිසා යේසුස්වහන්සේම දුක් විඳි ආකාරය කෙතරම්ද.

පාවුල් විසින් රෝම වරුන්ට ලියූ ලිපියේ ඉතිරි කොටසේ ඔහු පැහැදිළි කළ ශුභරංචිය මෙයයි. මෙම ශුභාරංචිය වන්නේ “අදහන්නාවූ සියල්ලන්ටම ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේම බලයව තිබෙන නිසාය” (16 පදය). සීසර් යටතේ දුක් විඳි අයට එය කෙතරම් අවශ්‍ය වන්න ඇත්ද! කුරුසියේ ඇණ ගසනු ලැබූ සහ නැවත මරණයෙන් උත්ථානවූ ගැළවුම්කරුවෙක්ගේ මෙන්ම තම සතුරන්ට උන්වහන්සේ කෙතරම් ප්‍රේම කරනවාද යන්න පෙන්වමින් ඔවුන්ගෙන් ජයගත් විමුක්තිදායකයාණන්ගේ පුවත මෙන්න.