ඩ්වයිට් මූඩි (1837-99) ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට පැමිණ ටික දිනකට පසු අවම වශයෙන් එක් පුද්ගලයෙකු සමග හෝ දෙවියන්වහන්සේගේ ශුභාරංචිය බෙදා නොගෙන දිනක් හෝ ගත නොකිරීමට (ඉවැන්ජලිස්ත වරයා) තීරණය කළේය. කාර්ය බහුල දිනවලදී බොහෝ වේලා ගත වන තුරු ඔහුට ඔහුගේ තීරණය අමතක වන්නේය. එක් රාත්‍රියක ඔහු ඇඳේ සිටියදී ඔහුට මෙය මතක් වුනි. ඔහු පිටතට යන විට සිතුවේ මේ ඇද හැලෙන වර්ෂාවේ කිසිවෙක් පිටතට නොඑනු ඇත කියායි. ඒ මොහෝතේම කෙනෙක් පාරේ ගමන් කරනවා ඔහු දුටුවේය. මූඩි වහාම ඒ තැනැත්තා වෙතට ගොස් වැස්සෙන් නොතෙමී සිටීම සඳහා ඔහුගේ කුඩය යටට එන්න අවසර ඉල්ලා සිටියේය. අවසරය ලැබුණු විට “කුණාටු කාලයේදී ඔබට රැකවරණයක් තිබේද? යේසුස්වහන්සේ ගැන ඔබට කියන්න මට පුළුවන්ද?” කියා මූඩි ඒ තැනැත්තාගෙන් ඇසුවේය.

අපගේ පාපවල විපාක වලින් දෙවියන්වහන්සේ අපව ගළවා ගන්නා ආකාරය බෙදා ගැනීමට මූඩි සුදානමින් සිටියේය. උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන ලෙසත් “උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා සිටින ලෙසත්” දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට දුන් උපදෙස්වලට මූඩි කීකරු විය (යෙසායා 12:4). දෙවියන් වහන්සේගේ සෙනග “උන්වහන්සේගේ නාමය උසස් බව ප්‍රකාශ කිරීමට” (4 පදය) කැඳවනු ලැබුවා පමණක් නොව උන්වහන්සේ “ඔවුන්ගේ ගැළවීම බවට පත්වූයේ කෙසේද” යන්න බෙදා ගැනීමටද (2 පදය) ඉශ්‍රායෙල් ජාතිය කැඳවා තිබුණි. ශත වර්ෂ ගණනාවකට පසු දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක් බවට පත් වීම කුරුසියේ මිය යාම සහ නැවත නැගිටීමේ පුදුමය ගැන කියා දීම අපගේ කැඳවීම ලෙසට ඉතිරිව ඇත්තේය.

මූඩි මෙන් තමන්ගේ සුවපහසු ස්ථානයෙන් මිදී යේසුස්වහන්සේ ගැන අප සමග කථා කළ නිසා සමහර විට අපි දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන අසන්න ඇති. දැන් අපිත් එකිනෙකාගේ ක්‍රමයට අනුව අපව ගළවා ගත් තැනන්වහන්සේ ගැන කෙනෙක්ට දැන ගන්න සළස්වන සේක්වා.