අපේ නිවසේ ඇතුළත නැවුම් පෙනුමක් ලබා දීමට ඒ කාලය විය. නමුත් මම පින්තාරු කිරීම සඳහා කාමරයක් සුදානම් කිරීමට පටන් ගත් කල්හි කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නිවාස වැඩි දියුණූ කිරීමේ භාණ්ඩ අලෙවිය තහනම් කරන බව අපගේ ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කළේය. නිවේදනය ඇසූ විගසම මම වෙළඳ සැළට ගොස් අත්‍යවශ්‍යය ද්‍රව්‍ය මිළයට ගත්තෙමි. සුදුසු ද්‍රව්‍ය නොමැතිව ඔබට නැවත සකස් කළ නොහැක.

එපීස 4 ලියන විටදී පාවුල් තුමාගේ මනසෙහිද යම් යම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් තිබුණි. නමුත් ඔහු කථා කළ වෙනස්කම් බාහිර වෙනස්කම්වලට වඩා බොහෝ සෙයින් වැඩි වුනි. යේසුස්වහන්සේව ගැළවුම් කරුවාණන් ලෙස විශ්වාස කි්රීම අපව නව මැවිල්ලක් කළද ආත්මයාණන් වහන්සේ කළ යුතුවූ තවත් වැඩ කිහිපයක් තිබේ. එසේම “සැබෑවේ ධර්මිෂ්ඨකම සහ ශුද්ධකම” ඉටු කිරීමට කාලය මෙන්ම වැඩ කිරීමටද උන්වහන්සේට සිදුවන සේක (එපීස 4:24).

අපගේ වචන සහ ක්‍රියාවලින් යේසුස්වහන්සේව පිළිඹිබු කිරීමට අවශ්‍ය ඇතුලාන්ත වෙනස්කම් ආත්මයාණන් වහන්සේගේ අභිමුඛය ඉටු කරන සේක. බොරු කීම වෙනුවට “සත්‍යය” කථා කිරීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක (25 පදය). කෝපය සම්බන්ධ පාපයෙන් වැළකී සිටීමට උන්වහන්සේ අපට මග පෙන්වන සේක (26 පදය). “අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන ලෙස ඕනෑ කරන වර්ධනය වීම සඳහා” වචන කථා කිරීමට උන්වහන්සේ අපට උපදෙස් දෙන සේක (29 පදය). ආත්මයාණන් වහන්සේ පාලනය කරන මෙම ක්‍රියාවන් කරුණාව, දයානුකම්පාව සහ සමාව දීම වැනි දේවල්වලින් පිළිඹිබුවන අභ්‍යන්තර වෙනස්වීම් වල කොටසක් වන්නේය (32 පදය). යේසුස්වහන්සේව අනුගමනය කිරීමටත් අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේගේ හදවත පිළිඹිබු කිරීමට අපට හැකිවන ලෙසට ආත්මයාණන් වහන්සේ අප තුළ ක්‍රියා කරන සේක ( පදය; 5:1).