කොලින් තමා මිළදී ගත් විවිධ වර්ණ සහිත වීදුරු කැබලි පෙට්ටිය විවෘත කළ විට ඔහු ව්‍යාපෘතියක් සඳහා ඇණවුම් කළ කොටස් සොයා ගැනීම වෙනුවට නොකැඩුණු සම්පූර්ණ ජනෙල් සොයා ගත්තේය. ඔහු ජනෙල් වල මූලාරම්භය සොයා ගැනීමට පටන් ගත් විට ඒවා 2 වන ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාර වලින් දේවස්ථාන ආරක්‍ෂා කිරීම සඳහා ඉවත් කරන ලද ජනේල බව දැන ගත්තේය. කාර්්‍යයේ ගුණාත්මක භාවය සහ “කොටස්” සුන්දර නිර්මාණයක් කළ ආකාරය ගැන කොලින් පුදුමයට පත් වූයේය.

මම අවංක නම් මම බයිබලයේ විශේෂිත ඡේද එනම් පෙළපත් නාම ලැයිස්තුවක් ඇති ඡේද විවෘත කරන විට දේව වචනයේ විශාල පින්තූරය තුළට එය ගැළපෙන්නේ කෙසේදැයි මට එවේලේම වටහා ගැනීමට අපහසුය. උත්පත්ති 11 හි තත්ත්වය මෙසේ වන්නේය. නුහුරු නුපුරුදු මිනිසුන් සහ ඔවුන්ගේ පවුල් වන ෂෙම්, ෂේලා, ඒබෙර්, නාහෝර් සහ තේරා වැනි නම් විශාල සංඛ්‍යාවක් ඇතුල්වන පරිච්ඡේදයකි (10-32 පද). මම බොහෝ විට එම කොටස් දෙස බලා ඒවා අත්හැර හුරුපුරුදු යැයි හැඟෙන සහ බයිබලයේ අවබෝධ කර ගැනීමට පහසු කොටස් දෙසට යොමු වීමට පෙළඹෙන්නෙමි.

“මුළු ලියවිල්ල දේවානුභාවයෙන් ලියවී ඇති අතර එය ප්‍රයෝජනවත්ව” (2 තිමෝති 3:17) තිබෙන හෙයින් කොටසක් සම්පූර්ණ එකකට සම්බන්ධ වන්නේ කෙසේදැයි වඩාත් හොඳින් තේරුම් ගැනීමට ශුද්ධාත්මයාණන් වහන්සේ අපට උපකාර කරමින් අපගේ නෙත් විවෘත කරන සේක. උදාහරණයක් ලෙස දාවිත්ගේ සහ වඩාත් වැදගත් වන යේසුස්වහන්සේගේ (මතෙව් 1:2, 6, 16 පද) මුතුන් මිත්තෙක් වන ආබ්‍රහම් සමග ෂෙලා (උත්පත්ති 11:12-26) සම්බන්ධ වන ආකාරය පෙන්වා දෙන්නේය. ඉතා කුඩා කොටස් මගින් පවා දෙවියන් වහන්සේගේ මෙහෙවර එළිදරව් කරන පරිපූර්ණව සාදන ලද ජනේලයක වස්තුවක් බයිබලය පුරාම දක්වා අපව පුදුම කරවමින් උන්වහන්සේ ප්‍රීතියට පත් වන සේක.