උදේ ආහාර රැස්වීමක් සඳහා පෙනී සිටි විට රොබර්ට් ලැජ්ජාවට පත් වූයේ ඔහුගේ මුදල් පසුම්බිය අමතක වී ඇති බව වැටහී ගිය විටය. ඔහු අනුභව කළ යුතුද බොන්න යමක් ලබා ගත යුතුද යන්න ගැන කල්පනා කරමින් ඔහු කරදර වූයේය. ඔහුගේ මිතුරාගේ ඒත්තු ගැන්වීමෙන් පසු ඔහු තම හිත ලිහිල් කර ගත්තේය. ඔහු සහ ඔහුගේ මිතුරා කෑම වේල භුක්ති වින්දහ. ඔහුගේ මිතුරා සතුටින් බිල්පත ගෙවීය.

අවසානයේ ඔබව ලබන්නා ලෙසට පත් කරන මෙවැනි ගැටලුවකට හෝ වෙනත් තත්ත්වයකට ඔබ මුහුණ දී තිබිය හැකිය. අපේම ආකාරයකට ගෙවීමට කැමති වීම සාමාන්‍ය දෙයකි. නමුත් කාරුණිකව ලබා දෙන දේ නිහතමානීව ලැබිය යුතු අවස්ථාවලට අපට මුහුණ දෙන්න සිදු වෙයි.

ලූක් 15:17-24 හි බාල පුත්‍රයා තම පියාට කුමක් කියන්නදැයි කල්පනා කරද්දී යම් ආකාරයක ආපසු ගෙවීමක් ගැන සිතන්න ඇති. ”තවත් ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්නට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක් කෙනෙකු මෙන් මාව තබා ගත මැනවයි ඔහුට කියන්නෙමි” (19 පදය) යයි තම පියාට කියන්න ඔහු කල්පනා කළේය. කුලීකාරයන්ගෙන් කෙනෙක්. ඔහුගේ පියාට එවැනි හැඟීමක් නොතිබුණි. ඔහුගේ පියාගේ ඇස් හමුවෙහි ඔහු නිවසට පැමිණි බොහෝ ප්‍රේමණීය පුත්‍රයෙකි. එම නිසා ඔහුට පියෙකුගේ වැළඳ ගැනිීමක් සහ ප්‍රේමණීය සිඹ ගැනීමක් ලැබුණි (20 පදය). මොන තරම් විශිෂ්ඨ ශුභාරංචි චිත්‍රයක්ද! යේසුස්වහන්සේගේ මරණින් හිස් අතින් පැමිණෙන දරුවන් විවෘත දෑතින් පිළිගන්නා ප්‍රේමණීය පියෙක් එළිදරව් කරන බව අපට සිහිපත් කරන්නේය. එක් ගීතිකා ලේඛකයෙක් එය මෙසේ ප්‍රකාශ කළේය: “මගේ අතේ කිසිවක් ගෙන නොඑන්නෙමි. ඔබවහන්සේගේ කුරුසියට පමණක් ඇලී සිටිමි”.